
(යොහාන් භාසුර)
කොළඹ වරායෙන් ඊයේ (13) දින බහලුම් 459 ක් නිදහස් කර ඇති අතර ආර්.සී.ටී. ග්‍රේලයින් 1 සහ 2 අංගනවලින් බහලුම් 242 ක් පරීක්ශාව අවසන් කර නිදහස් කළ බවත් අතිරේක අධ්‍යක්ශ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
රේගුවෙන් දිනකට පරීක්ෂා කර බහලුම් 500 ක් පමණ නිදහස් කළ හැකි වුවත් නිෂ්කාෂන නියෝජිතයින්ගේ සහ ලොරි රථ රියදුරන්ගේ පැමිණීම අඩු වූ නිසා නිදගස් කළහැකි ප්‍රමාණය මෙසේ පහත මට්ටමක පැවතුණ බවත් භාණ්ඩ පරීක්ෂණ අංගන වෙත නිදහස් කිරීමට වරාය තුළ බහලුම් 496ක් ඉතිරි වී තිබෙන බවත් ඒ මහතා කීය.
අද දින (14) නිවාඩු දිනයක් වුවත් රේගුව සහ අදාල අනෙකුත් රාජ්‍ය ආයතන බහලුම් නිදහස් කිරීමේ කටයුතු වල නිරතව සිටින බවද අරුක්ගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බහලුම් 459 ක් නිදහස් කරයි
අරවින්ද මොනරවිල Tuesday, 14 January 2025 01:09 PM
හැමදාම කිව්වේ රේගුව පරක්කුයි කියලා. දැන් ඒක අනිත් පැත්තට හැරිලා රේගුව කියනවා නිශ්කාෂණ සමාගම් හා ප්‍රවාහන සමාගම් වල ප්‍රමාදය නිසා කන්ටේනර් එළියට දාන්න බැරිලු. දවස් පනහට කළ වෙනස තමයි මේ.
Niranga Tuesday, 14 January 2025 02:10 PM
ලංකාවේ රජයේ නිලධාරීන්ගේ ආකල්ප... වැඩේ නොකරන්න හේතු 1000ක් විතර තියෙනවා.
සාලිය Tuesday, 14 January 2025 04:50 PM
එහෙමමත් නෑ, circulars ගොඩක් තියනවා බලන්න, ඇත්තටම හැම පැත්තකින්ම හිරකරලා තියෙන්නේ, ඇමරිකා ව්‍යවස්ථාවේ වචන 10,000ට අඩුලු, ලංකාවේ 40,000ක් විතරයිලු.