
(යොහාන් භාසුර)
නිෂ්කාශනය කිරීම ප්‍රමාද වූ ආනයනික බහලුම් 2,000 කට ආසන්න සංඛ්‍යාවක් තවදුරටත් රේගු නිෂ්කාශන අංගනවල සිරවී ඇති බව රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් අද (7) පැවසීය.
බහලුම් ප්‍රවාහන රථ පෝලිම තවදුරටත් පවතින බවත් නිෂ්කාශනය කරන බහලුම් සංඛ්‍යාවට සමාන බහලුන් ප්‍රමාණයක් දෛනිකව ලැබීම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බවත් එම නිලධාරියා කීය.
රේගු වෘත්තිය සමිති එකමුතුවේ මැදිහත්වීමෙන් පසුගිය සතියේ බ්‍රහස්පතින්දා සිට ඉරිදා දක්වා ක්‍රියාත්මක කළ විශේෂ වැඩසටහන හේතුවෙන් බහලුම් තදබදය එම දින කීපයේ යම් තරමකට අඩු බව කී එම නිලධාරියා ඉන් පසුව පසුගිය සඳුදා සිට නැවත බහලුන් තදබදය වැඩිවූ බවද සඳහන් කළේය.
රේගුව සතුව නිෂ්කාශනය කිරීමට ඇති බහාලුම් ගබඩා කිරීමට ඉඩකඩ නොමැති වීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇති බවත් ඒ පිළිබඳව මේ වෙන විට දැඩි අවධානය යොමු කර ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුව නම් වැඩක්ම නෑ. අපේ ආණ්ඩුව තියෙනකොට කුණු කන්ටේනර් පවා නිදහස් කරා නේ.
චෙක් කරන්නේ නැතිව නිදහස් කරගන්න ඕන තව කන්ටේනර් ලිස්ට් එකක් ඇමැතිගේ අතේ ඇති. ඒකයි ඔය තදබදය...