IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි

 

  (එම්.සුසිල් පියන්ත සහ ජනක් ද සිල්වා)     

 ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව ඇල්පිටිය පොලීසිය කියයි

මේ ගැටුමෙන් මිය ගොස් ඇත්තේ ඇල්පිටිය , අක්කර දහසය, දොල ඉහල‍, නවදගල ලිපිනයේ පදිංචි ඒ ගුණවර්ධන නමැති පනස්පස් හැවිරිදි විවාහක වෙළද සැල් හිමියෙකි

වෙලදසැලට ඊයේ(18) ප්‍රදේශවාසී පුද්ගලයකු පැමිණ ඇති බවත් ඔහු හා වෙලද සල් හිමියා අතර බහින් බස් වීමක් සිදුව ඇති බවත් පසුව  වෙලද සලේ හිමිකරුට ඔහු පහරදීමට කළ උත්සාහයේදී  වෙලද සල් හිමිකරු විසින් ඔහුගේ හිසට වීදුරු බෝතලයකින් පහරදී ඇති බවත් පොලීසිය කියයි.

එම පහරදිමෙන් ප්‍රදේශවාසියාගේ  හිස පදේශයට තුවාල සිදුව ඇති බවත් තුවාල ලත් ඔහු එම වෙළද සල ආසන්නයේ පිහිටි  සිය නිවසට ගොස් කැපෙන  පිහියක් රැගෙවිත් වෙළඳසැල් හිමියාගේ ගෙලට පහරදි ඇති බවත් පොලීසිය කියයි.

 

 



අදහස් (0)

බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 88 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site