IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බහුතරය නැති බණ්ඩාරවෙල නගර සභා බලය ජාජබට

(ඩී.කේ. රත්න)

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ ද බහුතරයක් නොමතිව තිබූ බණ්ඩාරවෙල මහ නගර සභාවේ බලය ජාතික ජනබලවේගය  දිනාගත්තේය.

බදුල්ල පළාත් පාලන කොමසාරිස් හේමන්ත දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සභාවතිවරයා තෝරාපත් කර ගැනිම අද බණ්ඩාරවෙළ මහ නගර සභාවේ පැවැත්විණි.

එහිදී ස්වාධීන මන්ත්‍රීවරුන් දෙදෙනකුගේ සහයෝගය ලබා ගනිමින් ජාතික ජන බලවේගය  පාලන බලය ලබා ගත්තේය.

බණ්ඩාරවෙල මහ නගර සභාවේ නගරාධිපතිවරයා පත් කිරීම සදහා ඡන්දයක් පවත්වනු ලැබූ අතර එහදී වැඩි ඡන්ද හතකින් නගරාධිපතිවරයා ලෙස ආර්.එම්. සාගරදීර විශ්ව වික්‍රම මහතා පත්විය.

මන්ත්‍රී ආසන 16 යුත් බණ්ඩාරවෙල මහ නගර සභාවට පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජන බලවේගයෙන් මන්ත්‍රීවරුන් හය දෙනකුද , ස්වාධීන කණ්ඩායම අංක 01 න් මන්ත්‍රීවරුන් පස් දෙනකුද , සමගි ජනබලවේගයෙන් මන්ත්‍රීවරුන් තිදෙනකුද , ස්වාධීන කණ්ඩායම අංක 02 න් එක් මන්ත්‍රීවරයකුද , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් එක් මන්ත්‍රීවරයකුද වශයෙන් මන්ත්‍රීවරු දහසය දෙනෙක් පත් වූහ.

නමුත් සමගි ජන බලවේගයෙන් මේ වනතුරු මන්ත්‍රීවරු තිදෙනා නම්කර නොමැතිවීම මත අද  (11) දින මන්ත්‍රීවරු 13 දෙනකුගේ සහභාගීත්වයෙන් නගරාධිපතිවරයා පත් කිරීම සදහා පැවති ඡන්දයට සහභාගී වූහ.

 



අදහස් (6)

බහුතරය නැති බණ්ඩාරවෙල නගර සභා බලය ජාජබට

wije Wednesday, 11 June 2025 02:35 PM

ප්‍රථමයෙන් ජයග්‍රාහී ජනතා නියෝජිතයින්ට ඉතසිතින් සුබපතමි... ප්‍රජාතාන්ත්‍රිකව පළාත්පාලන ඡන්දයක් පවත්වා තවත් මන්දිර ඇතුළත් ඡන්දය පවතී නම් එම ඡන්ද ක්‍රමය මහජන මතය හාස්‍යයට ලක් කරයි. මේ බහුබූත ඡන්ද ක්‍රමයෙන් පැරදුණු කෙනා බෝනස් අරන් දිනුම්, ඡන්ද අරන් දිනපු මනුස්සයා අවසානයේ ප්‍රතිඵලයෙන් පැරැදි යකාගේ ඡන්ද ක්‍රමයක්...

:       1       19

අරවින්ද මොණරවිල Wednesday, 11 June 2025 03:03 PM

මුජිබර්ගේ ලණු කාලා සජිත් හිතාගෙන හිටියාට කොළඹ නගර සභාවේ බලය අල්ලන්න... ඒක දවල් හීනයක් විතරයි.

:       6       24

ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Wednesday, 11 June 2025 04:12 PM

අරවින්ද මොනරවිල වගේ හිච්චි අබේගේ පරම්පරා කුට්ටම කස කස ඉන්න ගොට්ටෝ ඔය විදිහටම සැපසේ නිදාගෙන හීන දකින්නකෝ !

:       12       11

stfup Wednesday, 11 June 2025 06:33 PM

ඔය දෙන්නම කසන අය කියලා තමයි මධ්‍යස්ථ අයට පේන්නේ...!

:       0       0

සෙනෙවිරත්න Wednesday, 11 June 2025 05:16 PM

ජයශාන්ත, ඔන්න යථාර්ථය, කොළඹත් මෙහෙම්ම තමයි. හිතේ දුකට කවි කියන්න...!

:       2       12

ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Thursday, 12 June 2025 04:16 AM

මේ ටිකේ හොර ජනාධිපති සමාව දීලා එළියට පහළියට යන්න බැරිව හිටපු සෙනෙවිරත්න වගේ කලවැද්දෝ ටික දැන් එළියට බැහැලා...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site