(ප්‍රසාද් රුක්මල් )

ඔහීය සංරක්ෂිතයේ පැතිර යන ගින්න නිවාදැමීමට ගුවන් හමුදාව, වනසංරක්ෂන නිළධාරින් ගම්වාසීන් එක්වී දෙවන දිනටත් කටයුතු කරමින් සිටින අතර මේවනවිටත් ගින්නෙන් අක්කර පනහක පමන කොටසක් විනාශ වී ගොස් ඇතැයි වැලිමඩ අඩවි වන නිළධාරි මෙලානි ජේ.සී.පිටිගල මහත්මිය අද (30) පැවසුවාය.

මෙම ගින්න ඊයේ(29) පෙරවරුවේ හටගෙන තිබු අතර, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වැලිමඩ කාර්යාලයයේ නිළධාරින් , දියතලාව ගුවන් හමුදා කදවුරේ නිළධාරින්, ආපදා නිළධාරින් සහ බෝගහකුබුර ඔහිය හවරියමල්වෙල ගම්වාසීන් එක්වී ගිනිපිස්නා රේක්ක භාවිතා කරමින් ගිනිපටි කපමින් මෙම ගින්න නිවාදැමීමට  මේ වන විටත් දැඩි උත්සහයක නිරතව සිටින බවත් මෙලානි මහත්මිය සදහන් කලාය.

දැනට පවතින දැඩි වියලි දේශගුණික තත්ත්වයත් සමග කිසිවකු විසින් මෙසේ විනෝදය  හෝ විශේෂයෙන් වනසතුන් දඩයම් කිරිමේ අරමුනින් ඔහිය සංරක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට සැකකරයි .

ඔහිය සංරක්ෂිතය හෙක්ටයාර 1200කින් පමන සමන්විත වන අතර, දැනට එම සංරක්ෂිතයේ ගින්න පැතිර යමින් පවතින රහංගල කොටස අධික .බෑවුම් ප්‍රදේශයක් වන හෙයින් එම ස්ථානයට ලගාවීමට අපහසු වී ඇති බවත් මෙලානි මහත්මිය පැවැසුවාය.