(එම්.සුසිල් ප්‍රියන්ත)
බලපිටිය මරදාන ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යාවක් අද (10) උදෑසන බෙහෙත් පෙති දෙකක් උගුරේ හිරවී මරු මුවට පත්වී ඇති බව අහුන්ගල්ල පොලීසිය කියයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බලපිටිය රේවත විදයාලයේ ඉගෙනුම ලබන වලිමුනි දිනුජි මොවිස්මා මෙන්ඩිස්(13) නමැති ශිෂයාව බව ද පොලීසිය කියයි.
හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් මත නිවසේ තිබූ බෙහෙත් පෙති දෙකක් මේ දැරිය අරගෙන ඇති බවත් එය පාවිච්චි කිරීමෙන් පසු මේ සිසුවිය මිය ගොස් ඇති බව ඥාතීන් පවසන බවත් පොලීසිය කියයි.
මිය ගිය දැරියගේ මරණ පරීක්ෂණය අද(10) බලපිටිය මූලික රෝහලේදී රෝහල් මරණ පරීක්ෂිකා කේ ගවගාඅරච්චි මහත්මිය විසින් පැවැත්වීමට නියමිතව තිබිණ.
අහුන්ගල්ල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකා ක්‍රිකට්වලට හොඳ ආදර්ශයක්. හිතා බලන්න කාලය ඇවිත්...!
කල් ඉකුත් වෙච්චි බෙහෙත්ද දන්නේ නෑ... දියණියනි, ඔබතුමියට නිවන්සුව ලැබේවා..!
උගුරේ යමක් හිර වුනොත් කරන්න ඕනේ මොකද්ද කියලා දන්න කෙනෙක් ළඟ ඉඳලා නැද්ද? අපරාදේ ජීවිත...!
පෙතිගිලීමේ අපහසුතාවයක් තියෙනවා නම් දියකරලා හරි, ලොකු නම් දෙක තුනකට කඩලා හරි දෙන්න තිබුණා. එහෙමවත් හිතන්න බැරි, මොළයක් නැති අම්මා කෙනෙක්. මගේ රත්තරන් දුවේ, ඔයා මාව දාලා ගියේ ඇයි කියලා බොරුවට අන්දලා වැඩක් නැහැ. දියණියට නිවන් සුව පතමි.