
(ප්‍රසන්න පත්මසිරි)
වෙල්ලස්සේ ජන අයිතීන් සුරකීමේ පෙරමුණ දෙහිගම හා ඇකිරියන්කුඹූර ප්‍ර දේශයේ අක්කර 510ක ගොවිබිම් වට කර කිලෝමීටර් අටක් දුරට බහුජාතික සමාගමක් විසින් ඉදිකර තිබුන පැළ ඉණි වැට 02 දින කපා විනාශ කළ බව එම සංවිධානයේ අනුශාසක දොඩන්ගොල්ලේ සෝරත හිමියෝ පැවසුහ.
වෙල්ලස්සේ ගොවීන්ගේ විරෝධතා තිබියදි රජය විසින් ඇමරිකාවේ බහුජාතික සමාගමකට ලබාදී තිබෙන බව කියන රිදිමාලියද්ද ප්රා දේශීය ලේකම් කොට්ඨාශයට අයත් දෙහිගම හා ඇකිරියන්කුඹූර ග්‍රාම නිළධාරි වසම්වලට අයත් හෙක්ටයාර් 149.3ක ගොවි පවුල් 163ක් ගොවිතැන් කරමින් පදිංචිව සිටින භුමිය වට කර එම සමාගම ඉදිකර තිබු වැට හා වැටන් ආරක්ෂා කිරීමට ඉදිකර තිබුන පැල්පත් සියල්ල ගිනිතබා විනාශ කිරීමට ගොවීහු කටයුතු කළහ.
ඇමරිකාවේ ගැසල් වෙන්චස් නැමති බහුජාතික මෙම සමාගම ගොවීන් පදිංචි භුමියේ උක්වගාවක් ආරම්භ කිරීමට කටයුතු කිරීමට අදහස්
කරගෙන සිටින බව කියන ගොවි ජනතාව කියා සිටියේ වෙල්ලස්සෙන් බිම් අගලක් උක් වගාවට බහුජාතික සමාගම් සදහා ලබා නොදිමට දිවි හිමියෙන් කටයුතු කරන බවයි.
වෙල්ලස්සේ ජන අයිතීන් සුරකීමේ පෙරමුණේ අනුශාසක බිබිල බෝධිරුක්ඛාරාම විහාරවාසී දොඩන්ගොල්ලේ සෝරත හිමියන් ඇතුලු
මහා සංඝරත්නය,කැදවුම්කරු ඌව පළාත් සභාවේ හිටපු මන්ත්රිධ සමන්ත විද්යසරත්න මහතා ඇතුලු වෙල්ලස්සේ ගොවීහු දහසක් පමණ දෙනා කැති පොරෝ අතතිව පැමිණ ඉඩම් වටකර තිබුණ ඉනි වැට කපා දැමීමට කටයුතු කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට අනිද්දා වෙනකොට මැදමුලනටත් ඔය ටික තමයි වෙන්නේ...
ඔය වැට කැපීමට විරුද්ධව කතා කරන අයට කියන්න කැමතියි උපන් බිමේ ජනතාව බහු ජාතික සමාගම්වල කුලීකාරයින් කරන්න එකඟ වෙන්න එපා කියලා, ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය විසඳා මේවා කරන්න. කෝ ඇමරිකන් ආර්ථික කොරිඩෝරය ගැන කතා නැද්ද? ඒක වෙන විදියට ඇවිත්...!
ජයවේවා...! වෙල්ලස්සේ ගොවි මහතුනි, සමන්ත සහෝදරයා... ඔබ වීරයෙක්...!