(ඩයනා උදයංගනී) 

දිවයින ආසන්නයේ පවතින අඩුපීඩන කලාපය ක්‍රමයෙන් දිවයිනෙන් ඉවත්ට ගමන් කරමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

එසේ වුවත් අද දිනයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇතිවන අතර බස්නාහිර, උතුරු සහ දකුණු පළාත්වල උදෑසන කාලයේත් වැසි ඇතිවිය හැකි බව ද , බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ උතුරුමැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල්ත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව ද,  එම  ප්‍රකාශකයා සඳහන් කළේය. ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇතිවිය හැකි බව ද හෙතෙම පැවසීය.