(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ අදත් විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

එම මෙහෙයුමේදී ස්මාර්ට් ජංගම දුරකථන 14 ක් යතුරු පුවරුව සහිත ජංගම දුරකථන 01 ක් දුරකථන චාජර් 16 ක් හෑන්ඩ් ෆී 12 ක් සිම්පත් 03 ක් ඩේටා කේබල් 21 ක් පවර් බෑන්ක් 01 ක් දුරකථන බැටරි 03 ක් සිග්නල් බූස්ටර් 02 ක් පොලිස් බාරයට ගෙන ඇත.

මරණීය දණ්ඩනය නියමව සිටින දෙමටගොඩ චමින්ද ඇතුළු දරුණු ගනයේ අපරාධකරුවන් රඳවා සිටින සිර මැදිරි වලට ඉහළ කොටසේ තිබී මෙම දුරකථන සහ උපාංග සොයාගෙන ඇත.

බන්ධනාගාරයේ සේවය කරන දූෂිත නිලධාරීන් විසින් මේවා රැඳවියන් ලබාදෙන්නට ඇතැයි පොලිසිය කියයි.