
(යොහාන් භාසුර)
බූස්ස අධිආරක්‍ෂිත බන්ධනාගාරයේ තිබී බන්ධනාගාරයට තහනම් ද්‍රව්‍ය වන ජංගම දුරකථන උපාංග තොගයක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙක් පැවසීය.
බන්ධනාගාර රෝහලේ සහ බන්ධනාගාර ගොඩනැගිල්ලෙන් එළියේ තිබී මෙම දුරකථන උපාංග තොගය සොයාගත් බවත් ලද තොරතුරකට අනුව බන්ධනාගාර රෝහල් භූමිය තුළ සෝදිසි මෙහෙයුමකදී ක්‍රියාත්මක කළ බවත් එම නිලධාරියා කීය.
බන්ධනාගාර රෝහළ තුළ සහ බන්ධනාගාරය තුළ තිබී ජංගම දුරකථන චාජර් 5 ක් සහ ඩේටා කේබල් 8ක් සොයාගත බව කී එම නිලධාරියා එම උපාංග තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර අධිකාරීවරයා වෙත භාරදුන් බව ද වැඩි දුටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd