(ඩී.ජී.සුගතපාල)
බුස්ස බන්ධනාගාරයේ සිර මැදිරි තුල තිබි පසුගිය දිනවල ජංගම දුරකතන සහ ඒවායේ උපාංග රැසක් හමුවිමත් සමග රාජ්ය ආරක්ෂක අමාත්යංශය විසින් බන්ධනාගාරය තුල දුරකතන සංඥා අවහිර කිරිමේ යන්ත්රයක් සවි කිරිමට අද(15) සවස පියවර ගෙන ඇත.
මේ නිසා ජංගම දුර කතනවලින් බන්ධනාගාරය තුල සිට පිටතට ඇමතුම් ගැනිමටද බන්ධනගාරයට ඇමතුම් ගැනිමටද බාධා පැමිණ ඇති නමුත් සෘජු දුරකතනවලට එයින් බාධාවක් නොමැති බව බන්ධනාගාර නිලධාරිහු පවසති.
එහෙත් බන්ධනාගාරයේ සිට මිටර් දෙතුන් සියක් ඇතුලත පදිංචිකරුවන් පවසන්නේ බන්ධනාගාරය තුල සංඥා අවහිර කිරිම තමන්ටද බලපා ඇති බවය.
එ් නිසා එම සංඥා අවහිර කිරිම බන්ධනාගාරය තුලට පමණක් සීමාවන පරිදි සවි කරන ලෙසද ප්රදේශවාසිහු ඉල්ලා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර බන්ධනාගාර නිලධාරීන් පාගාවට, දූෂණයට පුරුදු වෙලා. මොවුන් ගැන, මොවුන්ගේ වත්කම් ගැන, ගම් මට්ටමින් තොරතුරු ගන්න. කුමක් හෝ පොටක් පෑදෙනු ඇත.. මේ දූෂිත නිලධාරීන් සොයා ඒ අයට දඬුවම් දෙන්න. එවිට අන් අය බියවී අකටයුතුකම් නතර වෙනු ඇත ..
අර ඉස්සර කලා වගෙ ඇතුළට වඩා පිට අවට සිග්නල් නැතුව ද දන්නෑ. ඔය බන්ධනාගාර නිලධාරීන් ඔක්කොම ඔය හොර වැඩවලට සම්බන්ධයි. මෙච්චර කල් කිව්වේ අරහෙ මෙහෙ තියලා අරගෙන ආවා කියලා...
බන්ධනාගාරයේ ඉන්න දූෂිත නිලධාරීන් එළවන තුරු ඔය උපකරණ වළින් සත පහක වැඩක් වෙන්නේ නැහැ. වටපිට මිනිස්සු පැමිණිලි කරනවා කියලා ඕක දැන් අක්රීය කරයි... කොමිස් කුට්ටිය ලොක්කට ගියා. කුඩුකාරයෝ තමන්ගේ බිස්නස් එක යහතින් කරනවා. මහජනයාගේ සල්ලි වතුරේ..