(ඩී.ජී.සුගතපාල)
දරුණු ගණයේ අපරාධකරුවන් රඳවා සිටින අධි ආරක්ෂිත බුස්ස බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනකුගේ සිර මැදිරිවල සඟවා තිබු ජංගම දුර කතන දෙකක් විශේෂ කාරය බළකායේ නිලධාරින් සොයාගත් බව බුස්ස බන්ධනාගාර අධිකාරි කාරයාලය පවසයි.
ඉම්රාන් කන්ජිපානි නමැති අපරාධකරු රඳවා සිටින සිර මැදිරියේ සඟවා තිබියදි එක් ජංගම දුරකතනයක්ද ශානුක මධුශාන් නමැති අපරාධකරු රඳවා සිටින සිර මැදිරියේ සඟවා තිබියදි තවත් ජංගම දුර කතනයක්ද සොයාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරිවරයා පරික්ෂණයක් ආරම්භ කර ඇත.
මේ අතර පෙරේදා දිනයේද බන්ධනාගාරයේ විශේෂ අංශයට ඇතුලුවන දොරටුව අසල පොළොව යට සඟවා තිබු ජංගම දුර කතන පහක්ද චාජර් පහක්ද සිම් කාඩ් පහක්ද බන්ධනාගාර නිලධාරින් විසින් සොයා ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd