IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


බැසිල්ට යළි නොතීසි

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධූරයේ කටයුතු කිරීමට එරෙහිව රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ගොනු කර ඇති රිට් පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය, අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලබන මැයි මස 12 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතිසියක් මගින් දැනුම් දෙන ලෙසට පෙත්සම්කරුවන්ට අද (16) යළිත් නියෝග කළේය.

දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමි, බරපතල වංචා දූෂණ සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා සහ සුරාජ් වල්ගම යන මහත්වරුන් විසින් ගොනුකරනු ලැබූ මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් ලෙස නම්කරනු ලැබ සිටිනේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නිතිපතිවරයා ය.

මුදල් අමාත්‍යවරයා ඇමරිකානු පුරවැසියෙක් වන අතර, වෙනත් රටක පුරවැසියෙකුට මෙරට මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ නොහැකි බවත්, එය ව්‍යවස්ථාව උල්ලංඝණය විමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය උල්ලංගණය වීමක් බව ද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉදිරිපත් කර ඇත.



අදහස් (0)

බැසිල්ට යළි නොතීසි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 97 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site