(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මුදල් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු සභාගර්භයේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ 33 වැනි ආසනය පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් වෙන් කරනු ලැබීය
ඔහු එම ආසනයේ අසුන් ගෙන සිටිනු ඊයේ දැකගත හැකිවිය.
බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමෙන් පසු නව කැබිනට් මණ්ඩලය පත් කිරීමට පෙර පාර්ලිමේන්තු සභාගර්භයේ අසුන්ගෙන සිටියේ ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ ආසනයකය.
මේ අතර නියෝජ්‍ය කතානායක ධූරයෙන් ඉල්ලා අස්වූ රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ දිනයේ ආණ්ඩු පක්ෂයේ ආසනයක පෙර පරිදි අසුන් ගෙන සිටිනු දැකගත හැකිවිය.
ඔහු පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයෙකි.
තමාට විපක්ෂයේ ආසනයක් පනවන්නැයි සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ඉල්ලීමක් කළේය.
මේ අනුව ඔහුට විපක්ෂයේ ආසනයක් පැනවීමට කටයුතු කරගෙන යන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව එක්කෙනෙක් වීසි වෙන්න යනවලු විරුද්ධ පක්ෂයට. ඔය සේරම වීසි වෙන්න සුදුසුම තැන ඔය එක තැනක් වත් නෙවේ. රට පුරා මහ පාරේ කෑගසන ජනතාවගෙන් ඇහුවානම් කියයි.
බැසිල් ඌරු කොටුවකට යැවීම වඩාත්ම හොඳ නේද.
ඔය කාලකන්නියා ගැන කතා කරලා වැඩක් නෑ.
හැම දේකිම්ම විසි වෙලා යන්න ඕන චරිත
එතුමා පස්සට නෙවෙයි ඇමරිකාවටම විසිවුණා නම් තමා වඩා සුදුසු .ඡන්දයක් දිනලා ආපුකෙනෙක් නෙවෙයිනෙ. රට දාලා ගිය කෙනෙක්.
මෙයා පස්සට නොවෙයි එලියටම විසිවෙන්න ඕනි.
එතනින් දොට්ට දැම්මත් කමක් නැහැ.
මොළහතා පස්සට නොවෙයි රටිනුත් වීසීවෙලයි තියෙන්නේ .
ඒ අයව ඉවතට දාන දිනය නුදුරේදීම එනවා...