
(විමුක්ති එස්. රොද්‍රිගූ)
ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් සඳහා නව දිල්ලි නුවරට ගොස් සිටින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් මහතා සමග ඊයේ (16 ) ද්විපාර්ශවික සාකච්ඡාවක් පැවැත්වීය.
ඉන්දියාවට පැමිණෙන රාජ තාන්ත්‍රිකයන් සමග සාකච්ඡා පැවැත්වීමට වෙන්වූ "හයිද්‍රාබාද් නිවසේදී" මෙම සාකච්ඡාව පැවැත්වීය.
දෙරටේ ද්විපාර්ශවික සබඳතා වලට විශේෂයෙන්ම ආර්ථික හවුල්කාරිත්වයට අදාළ කරුණු රාශියක් මෙහිදී සාකච්ඡා කළේය.
එහිදී බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාව ලබාදෙන සහයෝගීතාවයට ස්තුතිය පළ කළ අතර ආචාර්ය ජයිශංකර් මහතා ඉදිරියටත් ඉන්දියාව ශ්‍රී ලංකාවේ අවශ්‍යතා වලට ප්‍රතිචාර දක්වන බව සහතික කළේය.
මෙම සාකච්ඡාව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොසරිස් මිලින්ද මොරගොඩ,නියෝජ්‍ය මහ කොමසාරිස් නිලූක කදුරුගමුව සහ මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
ආචාර්ය ජයිශංකර් මහතා හමුවීමට පෙර ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන ශ්‍රින්ග්ලා සහ ඉන්දියාවේ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී වික්‍රම් මිස්රි මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කේජු කෑල්ල හම්බවෙලා ඇතිනේ...
කපුටා හිටිං ප්ලේන්.... බැසිල් හිටිං ශ්‍රි ලංකා...