
( නිශාන්ත කුමාර )
බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ ගමන් ගනිමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (10) උදෑසන එම මාර්ගයේ බලගොල්ල 17 කණුව බතලපිටිය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට ධාවනය වී අසල තිබූ නිවසක බිත්තියක්ද පෙරලාගෙන අනතුරක් සිදුව ඇතැයි පොලීසිය කියයි.
අනතුරින් බස් රථයේ රියැදුරු සුළු තුවාල ලැබූ අතර එහි ගමන් ගත් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවද පොලීසිය පවසයි.
බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේ නිවසේ කුඩා දරුවෙකු සහ යුවළක් සිටියද ඔවුන් ඇතුළු කාමරයක සිටීම නිසා නිවැසියන්ටද කිසිදු හානියක් සිදුවී නොමැති බව පොලීසිය සඳහන් කළේය.
බසය අනතුරට ලක්වන අවස්ථාවේ මගින් තිස් දෙනෙකු පමණ මෙහි ගමන් ගෙන ඇති අතර පාසල් ගුරුවරුන් ඇතුළු කාර්යාල සේවකයින් රැසක් දෛනිකව ගමන් ගන්නා මෙම බස් රථයේ ගමන් ගත්තද අද(10) ඉරිදා දිනයක් වූ හෙයින් මගීන්ගේ අඩුවක් දක්නට ලැබුණු බවද අනතුරට ලක් වූ බස් රථයේ සිටි මගීහු පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Chemistry බස් කාරයෝ යන්නේ උඩින්. මොවුන්ට හරියට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැද්ද?