
(ආරියරත්න රණබාහු)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.
ඒ අනුව එම ගණන හයක් වන අතර දකුණ වයඹ, සබරගමුව යන පළාත් වලට ඇමති ධුර දෙක බැගින් ද උතුරු මැද සහ ඌව පළාත්වලට අමාත්‍ය ධූර එක බැගින්ද සෙසු පත් කිරීම් කර ඇත.
ජාතික ලැයිස්තුවෙන් පත් කර ඇති රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා දීර්ඝ කාලයක් උතුරු පළාත බාරව පක්ෂයේ සංවිධාන කටයුතු කළ නිසා එම පත්වීම උතුරට සිදුකළ එකක් ලෙස සැලකිය හැකි යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
නැගෙනහිර පළාත නියෝජනය කිරීම සඳහා කැබිනට අමාත්‍ය ධුරයක් නොලැබුණද ඉදිරියේ නියෝජ්‍ය ඇමතිවරු පත් කිරීමේදී එම අඩුව සම්පූර්ණ කරනු ඇතැයිද ඔවුහු කියා සිටිති.
ඊට අමතරව මෙම කැබිනට් මණ්ඩලයේ කැපී පෙනෙන වෙනසක් ලෙස දෙමළ ජාතිකත්වයට ඇමතිවරයෙක් සහ ඇමතිවරියක් පත්කර තිබුණද මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් කිසිවකු පත්කර නොතිබීම විශාල අඩුවක් ලෙස දකිනබවද ඔවුහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹට කිරි... අපට කැකිරි...
ඇමතිවරු පත්කළ යුත්තේ පළාත් අනුව නොවේ විශය පිළිබඳ හා ඒ සම්බන්ධ කරුණු අනුවයි. කැබිනෙට්ටුව පළාත් පාළන ආයතනයක් නොවේ.
ඇමැතිවරු කොයි පළාතෙද කියලා අදාළ නෑ... මුලු රටටම හැම ආගමකටම නියෝජිතයන්.. ඒකයි NPP එකේ වෙනස ...!