IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්

(ආරියරත්න  රණබාහු)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය  ධුර  සංඛ්‍යාවක්  බස්නාහිර පළාතට හිමිව  තිබේ.

ඒ අනුව එම ගණන හයක් වන අතර දකුණ  වයඹ, සබරගමුව යන පළාත් වලට ඇමති  ධුර  දෙක බැගින් ද උතුරු මැද  සහ ඌව පළාත්වලට අමාත්‍ය ධූර එක බැගින්ද   සෙසු පත් කිරීම් කර ඇත.

ජාතික ලැයිස්තුවෙන් පත් කර ඇති රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා  දීර්ඝ කාලයක් උතුරු පළාත බාරව පක්ෂයේ සංවිධාන කටයුතු කළ නිසා  එම පත්වීම උතුරට සිදුකළ  එකක් ලෙස  සැලකිය හැකි යැයි දේශපාලන විචාරකයෝ  පෙන්වා  දෙති.

නැගෙනහිර පළාත නියෝජනය කිරීම සඳහා කැබිනට අමාත්‍ය ධුරයක් නොලැබුණද ඉදිරියේ නියෝජ්‍ය  ඇමතිවරු පත් කිරීමේදී එම අඩුව සම්පූර්ණ  කරනු ඇතැයිද  ඔවුහු කියා සිටිති.

ඊට අමතරව මෙම කැබිනට් මණ්ඩලයේ කැපී පෙනෙන වෙනසක්  ලෙස  දෙමළ ජාතිකත්වයට  ඇමතිවරයෙක් සහ ඇමතිවරියක් පත්කර තිබුණද මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් කිසිවකු පත්කර නොතිබීම විශාල අඩුවක් ලෙස දකිනබවද  ඔවුහු පවසති. 



අදහස් (3)

බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්

nisar Monday, 18 November 2024 07:57 PM

කොළඹට කිරි... අපට කැකිරි...

:       0       0

amara Tuesday, 19 November 2024 07:54 AM

ඇමතිවරු පත්කළ යුත්තේ පළාත් අනුව නොවේ විශය පිළිබඳ හා ඒ සම්බන්ධ කරුණු අනුවයි. කැබිනෙට්ටුව පළාත් පාළන ආයතනයක් නොවේ.

:       0       15

fairoos Tuesday, 19 November 2024 12:31 PM

ඇමැතිවරු කොයි පළාතෙද කියලා අදාළ නෑ... මුලු රටටම හැම ආගමකටම නියෝජිතයන්.. ඒකයි NPP එකේ වෙනස ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 87 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site