( නිමන්ති රණසිංහ)
හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි නොවැම්බර් 2 වැනිදා උදෑසන 5 තෙක් බස්නාහිර පළාතට නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය .
බස්නාහිර පළාතේ තැනින් තැන මේ වන විටත් ක්‍රියාත්මක වන ඇදිරිනීතිය නොවැම්බර් 2 දායින් පසුද නැවත දැනුම් දෙනතුරු පැවැත්වෙන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
බස්නාහිර පළාතේ දැනට ඇදිරිනීතිය පවතින ප්‍රදේශවල ජනතාවට අතවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා හෙට (29) උදෑසන 8 සිට 10 දක්වා කාලය ලබා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ සර් තාම කොවිඩ් ශරීර ගත වුනාට සමාජගත වෙලා නැද්ද.?
මේ අවස්ථාවේදී නම් අපට කරදර උනත්, ඇඳිරි නීතිය දැමූ ඒක වැදගත්. ඒත්, මෙය කලින්ම කළා නම් අද මේ රෝගය මෙතරම් පැතිරෙන්නේ නැහැ නේද ? ඔන්න මේ වගේ වෙලාවල් වලදී තමයි කියන්නේ බලේ තියෙනවිට මොළේ නැහැ කියා.
ඒත් සර් කිව්වා නේද එහෙම කරන්නෙ නැහැ කියලා, කලින් ඡන්දෙට පෙරාතුව රට ලොක් ඩවුන් කරන්නෙ නැහැ කියලා කට ගන්නකොටම ලොක් ඩවුන් කලා, අනේ මන්ද සර්.
නුවන් පුතා, මම එහෙම කලේ මිනිස්සු බඩගින්නේ තියල 5000 ගානේ දීලා ඡන්දෙ ගන්නනේ. ඒකවත් තේරුනේ නැතිද
ඇයි "සර්" ඇඳිරි නීතිය දාන්නේ ? මොකක් හරි අවුලක්ද ?
සමාජගත වෙලා නෑනේ.! ඇයි ඇඳිරි නීති දාන්නේ.?
රට ලොක් ඩවුන් කරන්නත් 2/3 ඕනද මන්ද ....!!