රටතුළ පවතින තත්ත්වය හමුවේ ගම්බිම් බලා පිටත්වීමට නොහැකිව බස්නාහිර පළාත තුළ සිටින සෙසු පළාත් වල ජනතාවට සහන සැලසීමට සහන සේවාවක් ආරම්භ කර තිබේ.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතාගේ අධීක්ෂණය යටතේ මෙම සේවාව ක්‍රියාත්මක වේ.
ඒ අනුව 011 – 2092720 අංකය ඔස්සේ මෙම සහන සේවා මැදිය අමතා දුෂ්කරතාවයන්ට මුහුණ පා ඇති පිරිස් සිටීනම් ඔවුන්ට අවශ්‍ය සේවාවන් ලබාගැනීමට හැකියාව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාසෙක විතර ඉඳන් එක එක සහන සලසනවා කියලා කිව්වට මම දන්නා හදුනන කිසිම කෙනෙකුට ඔය කියන සහන ලැබී නැත. දහස් ගණනක් කොළඹ අතරමංවී ඇත. මේවා ගැන සිතන්න තිබුනේ ඇදිරි නිතිය පනවපු දිනවල. මේවා ගැන දන්නා නිසා මිනිස්සු ඇදිරිනීතිය දමපු දවසෙම පන එපා කියල බස් වල තෙරපීගෙන හා දුක් විඳගෙන කොළඹින් පැනගත්තේ. හිටපු මිනිස්සු අමාරුවේ.
මගේ ගම තිස්සමහාරාම, මාත් දැන් මාසෙකට කිට්ටුවෙන්න කාලයක් මෙ අනුන්ගේ ගෙදරකට වෙලා ගමට යන්න බැරිව හිරවෙලා ඉන්නේ... මගේ බබාට අවුරුදු 3යි. එයාගේ හාර්ට් ටෙස්ට් එකක් කරගන්නයි කොළඹ ආවෙ... ඒත් අන්තිමට කිසිම දෙයක් කරගන්න වුණේ නැත්තේ...., ගෙදර යන්නත් විදිහක් නැහැ.. ගොඩක් ලොකු මානසික පීඩනයකින් අපි ඉන්නේ.. පුලුවන්නම් අපිට ගමට යන්න විදිහක් සලස්වන්න. ගොඩාක් පින්...
මගේ අම්මා, නංගි, මා සමග මේ වනවිට කඩවත, ඉහලබියන්විල ප්‍රදේශයේ සිරවී සිටිනවා. අපි අනුරාධපුරයේ පදිංචි. මෙහේ කුලී නිවසක ඉදන් තමයි මායි, අම්මයි රැකියාවට යන්නේ. ඒත් මේ ප්රශ්නය නිසා අපට රැකියාව අහිමි වෙලා, ගෙවල් කුලී ගෙවන්න විදියක් නෑ. අපට නැවත අපේ ගමට යන්නයි අවශ්‍ය. ඒ සදහා උදව්වක් බලාපොරොත්තු වෙනවා. තාත්තත් නැති අපට මේ වෙලාවේ පිහිට වෙන්න වෙන කවුරුත් නෑ. බලදාරීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා අපට නැවතත් අපේ ගමට යන්න අවශ්‍ය වැඩ පිළිවෙල සකස් කර දෙන ලෙස..