
(යොහාන් භාසුර)
උසස්වීම් නොලැබීම ඇතුළු ගැටලු රැසකට මුහුණ දී සිටින බස්නාහිර පළාත් පුස්තකාල සේවකයන්ගේ ගැටලුවට වර්තමාන ආණ්ඩුව විසඳුම් දෙනු ඇතැයි විශ්වාසයක් ඇති බවත් බස්නාහිර පුස්තකාල සේවකයන්ට උසස්වීම දීමට මීට මාස හකට පමණ පෙර පැවැත්වූ තරග විභාගයේ ප්‍රතිඵල මේ දක්වා නිකුත් කර නොමැති බවත් බස්නාහිර පළාත් පුස්තකාල වෘත්තීය සංගමයේ සභාපති හසිත ප්‍රදීප් තරංග මහතා පැවසීය.
කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැති එම සංගමයේ දෙවැනි විශේෂ මහ සම්මේලයෙන් පසුව විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් තරංග මහතා එසේ පැවසීය.
බස්නාහිර පුස්තකාල සේවකයන් දීර්ඝ කාලයක සිට මුහුණදී සිටින ගැටලු පිළිබඳව වර්තමාන විෂය භාර අමාත්‍යවරයා දැනුවත් කර ඇති බවත් අමාත්‍යවරයා සමඟ ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා කීය.
උස්සවීම් නොලැබීම ඇතුළු ගැටලු පිළිබඳව පැවැති ආණ්ඩුවල බලධාරීන් දැනුවත් කළ ද කිසිඳු සතුටුදායක පිළිතුරක් නොලැබුණු බව කී තරංග මහතා පසුගිය මැයි මස පැවැති විභාගයේ ප්‍රතිඵල නිකුත් නොකර කීපදෙනෙක් සම්මුඛ පරීක්‍ෂණයකට කැඳවා ඇති බව ද සඳහන් කළේය.
බස්නාහිර පළාත තුළ පුස්තකාල පුරප්පාඩු 130 ට වැඩි සංඛ්‍යාවක් ඇති බවත් එම තනතුරුවල දැනටමත් වැඩ ආවරණය කරන එම සංගමයේ සාමාජිකයන් සුදුසුකම් සපුරා සිටින බැවින් හැකි ඉක්මණින් රජය මැදිහත්වී උසස්වීම් දියයුතු බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය. .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාක්ෂණය දියුණු මේ කාලේ පුස්තකාල වල රස්තියාදු වෙන්න කාලයක් නෑ! රටේ අයහපත් ආර්ථික තත්ත්වය ගැන සිතා කරුණාවෙන ප්‍රයෝජනවත් වැඩක් කරලා හෘද සාක්ෂියට අනුව ජීවත් වෙන රස්සාවක් හොයා ගැනීම යහපත් පුරවැසියෙකුගේ යුතුකමක්!!
තාක්ෂණය දියුණු වෙන දේ එක්කම පුස්තකාලත් සමාන්තරව දියුණු වෙනවා කියලා නොදන්නවා ඇති. වැස්සකටවත් පුස්තකාලේකට ගොඩ නොවන අයට අද පුස්තකාලවල තියෙන තත්වය නොපෙනීම පුදුමයකට කරුණක් නොවේ. අනික ඉස්සර පොත් ගන්න තැනින් ගොඩක් දුර ඇවිත් තියෙන්නෙ පුස්තකාල. පුස්තාල විද්‍යාව විෂයක් ලෙස උපාධිය ගත්තු අය, MA ගත්තු අය, PHD ගත්තු අයට පොල් කඩන්නද ඉගෙන ගන්න ඕන දැන්?