(අංජුල මහික වීරරත්න)
බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් එස්.එල්.ධම්මිකා කේ. විජයසිංහ මහත්මිය හදිසියේම රාජ්‍ය සේවා සංචිතයට මාරු කරනු ලැබ ඇත.
රාජකාරී අවශ්‍යතා මත අදාළ පියවර ගත් බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බස්නාහිර පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙස කේ.ජී.පී. පුෂ්පකුමාර මහතා පත් කර ඇත.
මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඊයේ (06) ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී කේ.ජී.පී. පුෂ්පකුමාර මහතා වෙත බාර දෙනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජූනි 16 ට ඉස්සෙල්ල මොකක්හරි සෙල්ලමක්ද?
යන්තම් පෙන්ෂන් එක බේරගත්තා. ඔය ජනරාල්ලා ඔක්කොම පීනන්ට පූල් එකට තමයි.