
(නිමල් ජයරත්න සහ ගයාන් සූරිය ආරච්චි)
හබරන ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ අලි වංගුව ප්‍රදේශයේ 01 වෙනිදා පෙරවරු එකොළහට පමණ පෞද්ගලික බස් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටී සිදු වූ අනතුරින් දෙදෙනකු මිය ගොස් තවත් තිස්පස් දෙනකු තුවාල ලබා හබරණ ප්‍රාදේශීය රෝහලට හා දඹුල්ලේ මූලික රෝහලට ඇතුළත් කර ඇති බව හබරණ පොලිසිය කියයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ,වෑන් රථයේ රියදුරුවන ත්‍රිකුණාමල ප්‍රදේශයේ පදිංචි 32 වියැති දෙදරු පියකු හා බස් රථයේ ගමන් ගත් හික්කඩුව ප්‍රදේශයේ පදිංචි 66 වීයැති කාන්තාවක් බව ඒ සම්බන්ධ පරීක්ෂණ සිදුකරන හබරණ පොලිසිය පවසයි.
ගාල්ල,හික්කඩුව ප්‍රදේශයේ සිට වන්දනා නඩයක් රැගෙන ත්‍රීකුණාමල ප්‍රදේශයට ගමන් කරමින් සිටි බස්රථයක්, කින්නියා ප්‍රදේශයේ පදිංචි අයකු විදේශගත වීමට කටුනායක බලා ධාවනය කරමින් තිබූ වෑන් රථයක් ගැටී මෙම අනතුර සිදුව ඇති බව අනතුර පිලිබද පරීක්ෂණ සිදු කරන හබරණ පොලිසිය සඳහන් කරයි.
මෙම අනතුරෙන් කාන්තාවන් විසි දෙදෙනකු සහ පිරිමි පුද්ගලයන් දහ තුන්දෙනෙකු තුවාල ලබා ඇති අතර,තුවාල ලැබූවන්ගෙන් හත් දෙනකු හබරණ ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන බවත්,සෙසු පිරිස දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාරය ලබන බව හබරණ පොලිසිය පවසයි.


2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
බස් - වෑන් ගැටී දෙකක් මරුට