(මහින්ද නිශ්ශංක)
පෞද්ගලික බස් රථ තුළ ගංජා පානය කිරිමේ දී පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ රියදුරු හා කොන්දොස්තරවරුන් සිව් දෙනා සේවය කළ මාර්ග අංක 240 මීගමුව කොළඹ සුඛෝපභෝගී පෞද්ගලික බස් රථ දෙකේ ධාවනය අද (9) සිට අත්හිටුවා ඇතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි.
මෙම බස් රථ දෙක කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ ධාවනය කෙරෙන බස් රථ දෙකකි. මෙම රියදුරු හා කොන්දොස්තරවරුන් සම්බන්ධ අධිකාරිය මගින් පරීක්ෂණයක් පවත්වා ඔවුනට විරුද්ධව විනයානුකූලව කටයුතු කරන බවද ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත් පෙරේරා මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරක්කු වලට වගේ ගංජා වලට බැලුම් නැහැ. එත් මේවට ක්‍රමයක් ඇති කරන්න ඕන. වැඩියෙන්ම දුර ගමන් සේවා රියදුරු බලපත්‍රය තහනම් කරන්න ඕන. බස් අයිතිකරුවන්ට බර උසුලන්න බැරිද? ගහන්න ඕන ගංජා කාරයන්ට බස් දෙනවට.
තේ බොන්න නතර කරන ස්ථාන වලින් මේවා දෙනවා ...
මේක රට පුරාම පුද්ගලික බස් රථ රියදුරෝ කොන්දොස්තරලා කරන දෙයක්. මගී අපේ ජිවිත අනතුරේ ඔවුන් බසය එලවන විදියට සාමාන්‍ය සිහියෙන් ඉන්න කෙනෙකුට එළවන්න බැහැ. ගංජා ගහන්නෙත් එම ආවේගය ඇති කරගැනීමට. මේකයි රහස.