(ඩී.කේ.රත්න)
බණ්ඩාරවෙල ඇටම්පිටිය මාර්ගයේ දී පෞද්ගලික බස් රථයකින් ඇද වැටීම නිසා බරපතල තුවාල ලැබූ පාසල් සිදුවෙකු අද (29) බණ්ඩාරවෙල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.
බණ්ඩාරවෙල ධර්මපාල මහ විදුහලේ 12 වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවෙකු මෙසේ අනතුරට ලක්ව ඇත. ඔහු බණ්ඩාරවෙල හෙළමුදුන ප‍්‍රදේශයේ පදිංචි අයෙකි.
බණ්ඩාරවෙල කිරිඔරුව ප‍්‍රදේශයේ සිට බණ්ඩාරවෙල නගරය දක්වා ධාවනයවෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් විදුහල අසළට පැමිණෙනවාත් සමග සිසුවා බස් රථයෙන් බිමට ඇද වැටී තිබේ.
බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර බණ්ඩාරවෙල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd