(තිලකරත්න දිසානායක)
පාර්ලිමේන්තුවට අයත් බස්රථයක ගැටුණු මල්වතුහිරිපිටිය පොලිස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් සැරයන්වරයකු යටකර පළා ගොස් ඇතැයි පොලිසිය කියයි.
සැරයන්වරයා සිය යතුරු පැදියෙන් ගම්පහ - කිරිදිවැල අංක 202 බස් මාර්ගයෙහි ගමන් ගනිමින් සිටියදී පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයෙහි පිරිසක් නිවෙස් වෙත ඇරලවා ආපසු කිරිදිවැල සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබු බස් රථයෙහි මල් කැලේ ප්‍රදේශයේදී යතුරු පැදිය ගැටී ඇති බවත් තුවාලකරු රෝහල්ගත කිරීමට පියවර නොගෙන බස් රථයද අතහැර දමා රියදුරු පළාගොස් ඇති බවත් පොලීසිය පවසයි.
අනතුරුව ප්‍රදේශවාසීන් තුවාල ලබා සිටි පොලිස් නිලධාරියා රදාවාන රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇත.
අනතුරින් මිය ගොස් ඇත්තේ මල්වතුහිරිපිටිය, විළඹුල ප්‍රදේශයේ පදිංචිව සිටි ආනන්ද පෙරේරා නමැති 56 හැවිරිදි දෙදරු පියෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd