
(ජේ.කේ.එල්.චාමින්ද,රවි ලියනගේ සහ බී. එච්. රම්‍යා)
ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ඉමදූව ගල් බෝක්කුව අසලදී පුද්ගලික බස් රථ තුනක් අද (26) පෙරවරුවේ එකිනෙක ගැටීමෙන් වූ අනතුරකින් එම බස් රථවල ගමන් ගත් මගීන් නව දෙනකු තුවාල ලබා කරාපිටිය ජාතික රෝහලට ඇතුලත් කොට ඇති බැව් කරාපිටිය රෝහල් පොලිසිය පවසයි.
මෙම අනතුරෙන් තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 23,24,26,72 ආදි වයස් කාණ්ඩවල පසු වන පුද්ගලයින් නව දෙනෙකි.
මෙම අනතුරෙන් පිරිමි පුද්ගලයින් හත් දෙනකු සහ කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කොට ඇති බැව් රෝහල් පොලිසිය පවසයි. අනතුරට අදාළ පුද්ගලික බස් රථ දෙකක් අකුරැස්ස සහ ඉමදුවේ සිට ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබී ඇත.
ගාල්ල දෙස සිට ඉමදුව දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථයේ ගැටී බස් රථ තුනම එකිනෙකට ගැටී මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට මේ සඳහා ශුද්ධ වූ අයිතියක් ඇත. කට වහගෙන හිටපියව්…!