(යොහාන් භාසුර)

බස් ධාවනයෙන් හෙට (6) දිනයේ ඉවත් වන බවත් ඩීසල් ප්‍රශ්නය හේතුවෙන් ඇතැම් විට තවත් කාලයක් ධාවනයෙන් ඉවත්වීමට සිදුවනු ඇති බවත්  පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (5) පෙරවරුවේ පැවසීය.

පෞද්ගලික බස් රථවලට හර්තාලයට සහභාගි වීමේ තීරණය ගැනීමේ අවස්ථාව ලබාදී තිබෙන බව කී ගැමුණු විජේරත්න මහතා මෙහිදී බස් රථ ධාවනය ඉවත්වන්නේ ඩීසල් නොමැති වීම නිසා බව ද සඳහන් කළේය.  

ඩීසල් නොමැති වීමෙන් පෞද්ගලික බස් රථ ධාවනය දැඩි අවිනිශ්චිත තත්වයක් ඇති බවත් බස් රථ සඳහා ඉන්ධන ලබාදීමට ආණ්ඩුව ක්‍රමවේදයක් සකස් කළ යුතු බවත් විජේරත්න මහතා කීය.