
(සුජිත් හේවාජුලිගේ)
තමා ඡන්ද කටයුතු සඳහා පාවිච්චි කරන බස් රථය මහරගම පොලිසිය අත්අඩංගුවට ගැනීමෙන් තමාගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති හෙයින් වහාම මැදිහත් වී සාධාරණයක් ඉටු කරන්නැයි සර්වජන බලය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු වන ප්‍රියදර්ශන බෙන්තොටආරච්චි මහතා මැතිවරණ කොමිෂන් සභාවට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.
පොලිසිය වාහනය අත්අඩංගුවට ගත්තේ තමාගේ පෞද්ගලික රථ අංගනය තුළට ගාල් කිරීමට මොහොතකට පෙර බවත් වාහනය මෙසේ අත්අඩංගුවට ගැනීමෙන් තමාගේ ප්‍රවාහන කටයුතුවලට දැඩි බාධාවක් එල්ල වූ බවත් ඔහු එම ලිපියෙන් පෙන්වා දෙයි.
බස් රථය සහ සැකකරුවන් අධිකරණයට අද(04) ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇතැයි ද පොලිස් ස්ථානාධිපතිවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම වියදම් කරන්නේ කාගේ යහපතකටද?... මිනිස්සුන්ගේ හිත් වලට බලෙන් අංකය සහ සලකුණ කාවද්දලා දැන් ඡන්ද ගන්න බැහැ කියල තේරුම් ගන්න ඕන . ඡන්දය දෙන්න ඕන කාටද කියල දැන් තීන්දු කරලා ඉවරයි . මෙයාට පැරදුනාම දැන් හේතු මවනවා.
මීට දින දෙකකට පමණ පෙර වැලිකඩ පොලිසිය එහෙම බසයක් අත්අඩංගුවට අරගෙන අධිකරණයට ගියාම පැමිණිල්ල ප්‍රතික්ෂේප කරලා තිබුණා... ඒක අනෙක් පොලිසිවල නිලධාරින් දන්නේ නැද්ද?
පොලිස්සිය ඔය වගේ බලු වැඩ කරනවා. ඕවා පොලිස්පතිට කියලා වැඩක් නැහැ... ඔවුන් ඔක්කොම යාළුවෝ මල්ලී. මැතිවරණ කොමසාරිස්ටත් මෙය අදාළ නැහැ.