
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පුනර්ජනනීය බලශක්තිය ප්‍රශස්ත ලෙස ලබා ගැනීමට බලශක්ති ගබඩා කිරීමේ පද්ධති හදුන්වා දෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂන එගොඩවිතාන මහතා විසින් ඇසූ ප්‍රශ්නයකට පිළතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කීවාය.
2030 වර්ෂය වන විට ජාතික විදුලිබල උත්පාදනය 70%ක් පුනර්ජනනීය ප්‍රභාවයන්ගෙන් ලබා ගැනීමට ඉලක්ක සකසා ඇති බවත් එම ඉලක්ක ළඟා කර ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කර ක්‍රියාත්මක කරමින් පවතින බවත් මෙහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd