(දසුන් රාජපක්ෂ)
ආන්දෝලනයට ලක්ව තිබෙන ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වන වයස අවුරුදු 6 ක දැරියක් ලිංගික අපයෝජනයට ලක් කරන වීඩියෝ පටයේ සිටින අපයෝජකයන්ගේ කටහඬ පරීක්ෂාවට ලක් කිරීමට ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර තිබේ.
හඬ පරීක්ෂාවට ලක් කිරීම සඳහා බාගත කළ එම වීඩියෝ පටය රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබාදුන් බව ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා අද (2) පැවසීය.
ළමා ආරක්ෂක අධිකාරිය සිදුකරන පරීක්ෂණයට සමගාමීව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා සඳහන් කළේය.
ඒ අනුව මෙම සිද්ධියට සම්බන්ධ බවට මේ වනවිට හඳුනාගෙන සිටින පුද්ගලයන්ගේ සහ වීඩියෝ පටයේ සිටින පුද්ගලයන්ගේ හඬ සැසඳීමට නියමිත බව ඒ මහතා කීය.
මේ වන විට මෙම වීඩියෝ පටය පිළිබඳව විද්වතුන්, නළු නිළියන් ඇතුළු විශාල පිරිසක් ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි ඉදිරිපත් කර තිබෙන බව ඔහු කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා දුක්මුසු සිදුවීමක්...
මේ අය වැඩ කරන්නේ හරියට මෙයාලට දරුවන් නැහැ වගේ... එ්වාගේම මේ මිනිහාව අඳුරගෙන තියනවා නම් මොකටද හඬපට පරික්ෂා ඇතුළට දාන්නේ නැතුව මේවා පස්සේ දේශපාලනේ යන්නේ? අන්න එ්කතමයි ප්‍රශ්නේ.
එවන් තිරිසනුන්ට මහජන අධිකරණය විසින් දඬුවම් දිය යුතුයි..
ඔය දූෂකයා හැමෝටම සල්ලි, රෝද පුටු බෙදන කොට හිතුව මොන හරි හුටපටයක් තියේවි කියලා.
අපරාදයක් සිදුවුණාම අපරාදකරුට රටේ පවතින නීතියට අදාලව දඩුවම් දීම ප්‍රමාද වීම කොපමණද කියනවනම් ඇතැම් විට අපරාදයක් සිදු කර වසර 15 විතර ගිහින් තමයි දඩුවම් ලැබෙන්නේ. අඩුම තරමේ වසරක් ඇතුලත දඩුවම් නියම කරන්න පුළුවන් නම් යම් තරම් දුරට අපරාද කරන ප්‍රමාණය පාලනය කරගන්න පුළුවන්. අපරාද නඩු වසර ගණන් ඇද ඇද ඉන්නේ නඩු කල් දා දා ලැබෙන මුදල් ප්‍රමාණය මතද ?