(දයාරත්න ඇඹෝගම)
පහළොස් හැවිරිදි දැරියක තෙමස් ගැබිනියක් බවට කළ හමුදා සෙබළෙකු අද (01) අලියවිද්දවැව ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නොච්චියාගම රනෝරාව අලියවිද්දවැව ප්‍රදේශයේ පදිංචි හමුදා භටයෙකි.
පසුගිය දිනක ළමාරක්ෂක අධිකාරිය මගින් නොච්චියාගම ප්‍රදේශයේ බාලවයස්කාර දැරියක් තෙමස් ගැබිනියක් බවට පත්ව ඇති බව පොලිසියට දැනුම් දීමෙන් පසුව සැකකාර හමුදා භටයා අත්අඩංගුවට ගෙන තිබුණි.
පොලිසිය ඒ පිළිබඳව පරීක්ෂණ කර බාල වයස්කාරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇත. එහිදී ඇය තෙමස් ගැබිනියක් බවට තහවුරු වී තිබේ.
පොලිස් පරීක්ෂණ අනුව අනාවරණය වී ඇති අන්දමට පවුල් දෙකේම දෙමාපියන්ගේ කැමැත්ත මත මෙම සැකකරු බාල වයස්කාරිය සමඟ පසුගිය 2017/12/28 දින ඇය නොච්චියාගම රනෝරාව අලියවිද්දවැව ප්‍රදේශයේ තම නිවසට කැදවාගෙන පැමිණ ඇත. ඒ වනවිට ඇයගේ වයස අවුරුදු 15ක් ම පමණ බවද පොලිසිය පැවසිය.
දෙමාපියන් මේ සදහා අනුබල දීම නිසා ඔවුන්ට එරෙහිව ද අධිකරණයට කරුණු වාර්තා කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.
සැකකාර හමුදා භටයා අද (1) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රට තාම වැඩවසම් යුගයේද ඉන්නේ? දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශ වල තවමත් විශාල වශයෙන් බාල වයස්කාර ගැහැණු දරුවෝ අම්මලා වෙනවා. මේක නැත්වත්තන්න ග්‍රාම නිලධාරින්, පවුල් සෞඛ්‍ය සේවකයි හරහා පුළුල් වැඩපිළිවෙලක් අවශ්‍යයි.
මෙන්නෝ, රණවිරුවන් දඩයම් කරනවෝ..
මේක බොරු, මේක බටහිර කුමන්ත්‍රණයක්, අපේ රණවිරුවන්ට මඩ ගැසීමක්, අපි මේක තරයේ හෙලා දකිමු.
මෙන්න නියම රට බේරුව රණවිරුවෝ............
පවුල් දෙකේම දෙමාපියන්ගේ කැමැත්ත මත වරද සිදුව ඇති බව සඳහන්… එහෙනම් කරන්නට තියෙන්නේ ඔය ජෝඩුව බන්දල දීමයි... නැත්නම් නීත්‍යානුකූලව අදාළ පියවර ගැනීමයි.
ඔන්න බලාපල්ලා මෙහෙමත් රණවිරුවෝ...
විමල් මැතිඳුනි, මෙන්න රණවිරු දඩයම...
මේ සිද්ධිය උතුරේ වුණානම්, අපේ විමලයා ඇතුළු ඒකාබද්ධය කියාවි මේකත් රණවිරු දඩයමක් කියලා...