IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බල්ලාට වෙඩි තැබූ හිටපු කපිතාන් රිමාන්ඩ්

(මනෝප්‍රිය ගුණසේකර)

පාරේ යන විට බිරුවාට උරණ වී අසල්වැසි නිවසේ සුරතලයට ඇතිකරන ‘සිඩ්නි පුතා’ නමැති බල්ලාට වායු රයිපලයකින් වෙඩි තබා මරා දමන ලදැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විශ්‍රාමික යුද හමුදා කපිතාන්වරයකු ලබන මස 04 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා නියම කළේය.

සැකකරුට ඇප නියම කරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මොහොමඩ් නසාර් මහතා කළ ඉල්ලීම ප්‍රතික්‍ෂෙප කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරු රිමාන්ඩ් බාරයට පත් කළේය. නිවසක සුරතලයට ඇතිකරන බල්ලකුට වායු රයිපලයකින් වෙඩි තබා මරා දමන ලදැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විශ්‍රාමික යුද හමුදා කපිතාන්වරයකු වන කඳාන පොල්පිතිමුකලානේ  චමිපික ගයාන් පෙරේරා (55) නමැත්තා මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කෙරිණී.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් සිද්ධියට අදාළව කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ කඳාන පොලිසියේ කොස්තාපල් (96866) විජේකොන් මහතා සැකකරුගේ අසල්වැසියකු වන ප්‍රසාදි පෙරේරා මහත්මිය ‘සිඩ්නි පුතා’ නමින් හඳුන්වන අවුරුදු 03ක් පමණ වයසැති කලු සුදු බල්ලකු ඇති කර ඇතැයි දැනුම් දුන්නේය.

නිවස තුළම ඇතිකරන ‘සිඩ්නි පුතා’ සාමාන්‍යයෙන් දිනකට දෙවරක් නිවසින් එළියට යන බවත් එසේ ගිය පසුගිය 28 වැනිදා පාර් ගමන් ගත් සැකකරුට බුරා ඇති බවත් සැකකරු වහාම ඔහුගේ නිවසට ගොස් වායු රයිපලයක් ගෙනැවිත් ‘සිඩ්නි පුතා’ගේ බඩට වෙඩි තබා ඇති බවත් කී කොස්තාපල් විජේකොන් මහතා පසුව ‘සිඩ්නි පුතා’ පශූ වෛද්‍යවරයකුට පෙන්වා ප්‍රතිකාර කළත් මියගොස් ඇතැයිද කීය.

 



අදහස් (6)

බල්ලාට වෙඩි තැබූ හිටපු කපිතාන් රිමාන්ඩ්

wedage Thursday, 31 October 2024 03:49 PM

සමාන්‍යෙයන් බල්ලෙක් බුරන්නේ හොරෙකුට තමයි. හොර හිත ඇති කෙනා බය වෙනවා.

:       23       47

එම්.ඒ මල්ලවFriday, 01 November 2024 11:15 AM

ඔබතුම‍ාත් පාරේ යන කොට ප‍රෙස්සම් වෙන්න, අයාලේ යන බල්ලෙක් බිරුවොත් අහල පහළ මිනිස්සු හිතයි හොරෙක් යනවා කියලා...!

:       1       7

අපකීර්ති වර්ණකුලසූරිය Friday, 01 November 2024 01:25 AM

ඝාතක කපිතාන්වරයත් කවදා හරි මැරෙන්නේ ඔහොම්ම තමයි..!

:       2       0

jothipala Friday, 01 November 2024 09:55 AM

බල්ලෝ හදාගන්න ඕනෑ කරදරයක් නොවෙන්න. දෙගොල්ලන්ම වැරැදියි ඉතිං. මේ කපිතාන් මෝඩයෙක්, බල්ලෙක් බිරුවාට කඳු පාත් වෙන්නේ නැහැ කිව්වාට ඔය ලස්සනට පාත්වෙලා තියෙන්නේ... වෙන මිනිසුන් පණු කැට දෙකක් වැය කරනවා. කව්ද කියලා දන්නේත් නැහැ... බල්ලා ඩවුන්ද පල්ලම්. ඒත් සියල්ලෝම ජීවියෝ අපි හැම වෙලේම කාට හෝ බුරන්න බලාගෙන තමයි ඉන්නේ...

:       3       3

Isuru Chathuranga Friday, 01 November 2024 05:02 PM

පුනරුත්තාපනය කරලා එලියට දාන්නේ නැති රණවිරුවා බල්ලෙක්ට හෝ වෙඩි තබා මනදොල පිනවා ගනී...

:       4       3

Mahinda Lekamge Friday, 01 November 2024 05:13 PM

බල්ලා වැරදි බල්ලෙක්ට බිරුවේ...!

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site