IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


’’බල්ලා එලෙව්වට කිනිතුල්ලො හැම තැනම’’

(අංජුල මහික වීරරත්න)

බල්ලා එලෙව්වට කිනිතුල්ලො හැම තැනම ඉන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.

අධිකරණ අමාත්‍යවරයා මේ බව පැවසූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්  කිරීම සදහා අද (16) පෙරවරුවේ එහි පැමිණි අවස්ථාවේදීයි.

පාර්ලිමේන්තු වෙබ් අඩවියට ව්‍යාජ දත්ත ඇතුළත් කිරීම පිළිබදව පරීක්ෂණයක් පවත්වන ලෙස අධිකරණ අමාත්‍යවරයා අදාළ පැමිණිල්ල මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබුණි.

"දැන් අපි රාජපක්ෂවරු වේවා, රනිල් වේවා අවුරුදු 70 ක දූෂිතයෝ පැන්නුවා.

දූෂිතයෝ පැන්නුවාට පස්සේ. මේක තමයි ප්‍රතිවිප්ලවයේ ආරම්භය.

දැන් බල්ලා ලැගලා ඉන්නවානේ යම් තැනක. බල්ලා එලෙව්වා අපි. හැබැයි කිනිතුල්ලෝ හැම තැනම ඉන්නවා. ඒගොල්ලෝ යන්නේ නෑ. බල්ලා ගියාට ඉතින් ඒගොල්ලෝ තැනින් තැන ඉන්නවා. අනික කිනිතුල්ලා පොඩියි.පේන්නේ නැහැ.ඒ වගේ ඉන්නවා. ඉතින් ඒක නිසා අපි ඒක එකෙන් එක අධ්‍යයනය කරමින් ඒ කිණිතුල්ලන් රාජ්‍ය තන්ත්‍රයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලියකුත් සිද්ධ කරන්න වෙනවා. මොකද බල්ලා පැන්නුවට කිණිතුල්ලන් එහෙම යන්නේ නැහැ" යනුවෙන්ද අමාත්‍යවරයා කීය.



අදහස් (16)

’’බල්ලා එලෙව්වට කිනිතුල්ලො හැම තැනම’’

සමන් විමල් Monday, 16 December 2024 08:08 PM

බල්ලෝ එළවලා හරක් රිංගලා, කිනිතුල්ලෝ හරකුන්ගේ එල්ලිලා.

:       0       0

Left voter Monday, 16 December 2024 08:19 PM

ඇමැතිතුමෝ, පොඩ්ඩක් ශිෂ්ඨ විදියට කතාකරන්න ඉගෙන ගත්තොත් හොඳ නැද්ද? නැත්නම් අන්තිමට මර්වින් සිල්වා තරමටම පීචං වෙයි...

:       0       0

Kule Monday, 16 December 2024 08:26 PM

ඒ දූෂිතයෝ ඒ බල්ලෝ ගෙනාපු නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපනය ලබලා, ඒ මනුස්සයන්ට ගරහන තත්වයට වැටෙන්න තරම් ඔබතුමාගේ බුද්ධිය අඩු බවයි පේන්නේ...

:       0       0

Nihal Monday, 16 December 2024 08:29 PM

එහෙම මවපු සත්තු එළවන එක ලේසි නෑ.

:       0       0

බුද්ධික අම්පේගම Monday, 16 December 2024 09:05 PM

සම්පූර්ණ ඇත්ත . දකුණු පළාත විශේෂයි.පරණ හොරු ටිකම තමයි රාජ්‍ය සේවයේ ඉන්නේ. ප්ධා‍රන ලේකම් ඇතුලු සියලුම දෙනා මාරු කළ යුතුයි. එහෙම නොකලොත් මේ ආණ්ඩුවෙන් වැඩක් වෙන්නේ නැහැ. තවමත් ඉන්නෙ පරණ මැක්කො ටික තමයි. සම්පූර්ණයෛන් කණ පිට ගහන්න ඕනා.

:       0       0

Prabath Monday, 16 December 2024 09:42 PM

මෙයාගේ උගත්කම හොඳයි බල්ලාට

:       0       0

වන්ශොට් Monday, 16 December 2024 11:24 PM

එහෙනම් ඉතින් මාලිමාවේත් කිනිතුල්ලො ඉන්නවා. මොකද පක්ෂෙන් යවපු ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරවල දෙවැනියට සඳහන් වෙන්නේ ඔබතුමාගේ නම. ඒ සඳහන් කරලා තියෙන්නේ ආචාර්‍ය පට්ටමත් එක්කමයි. සමහරවිට ආචාරි කියලා ලියන්න ගිහිල්ලා මාලිමාවේ සහෝදරයින්ට වැරදුනාද දන්නෑ.

:       0       0

පිටරටවැසියා Monday, 16 December 2024 11:42 PM

සමහර වෙලාවට කිනිතුල්ලෝ හිතනවා ලැගලා හිටපු බල්ලා නැවතත් ඒවි කියලා, බලාගෙනම ඉන්නවා..එතකල් මෙතුවක්කල් කරගෙන ආපු රාජකාරිය අකුරක් නෑර කරනවා...

:       0       0

බකල ජයා Monday, 16 December 2024 11:44 PM

බල්ලා කිව්ව නේද .... තොප්පිය හරිනං නේද ඉතිං..

:       0       0

NASAR Tuesday, 17 December 2024 03:48 AM

ශිෂ්ඨ සම්පන්න ශ්‍රී ලංකාවක් බිහි කරනවා කියලා ඔය වගේ තුන්වැනි කතා කියන එක හරි නෑ. ඒකෙන් පේන්නේ තමන්ගේ තරම පහත් කියන එකයි.

:       0       0

pj Tuesday, 17 December 2024 04:21 AM

කටමැත දොඩන්නේ බලයට ආවේ මෑත අතීතයේ රටටම පිළිලයක් වූ 69 ලක්ෂයක කිනිතුල්ලන්ගේ විෂන් බව නොදන්නා නිසා විය හැකියි.

:       0       0

Saththaya Tuesday, 17 December 2024 07:37 AM

ඉතුරු වෙලා ඉන්න ලොකුම මැක්කා තමයි OL වැඩ 8 ම අසමත් කෙනා...

:       0       0

ජානකි කඩවත Tuesday, 17 December 2024 08:03 AM

අනේ සර් මසුරන් කථාව...!

:       0       0

ගුණරත්න Tuesday, 17 December 2024 09:00 AM

ප්‍රතිවිප්ලවය හ්ම්.....

:       1       1

fairoos Tuesday, 17 December 2024 10:58 AM

අනිවාර්යෙන්ම උන් ටිකත් එලවන්නේ නැතිව රට ගොඩදාන්න අමාරුයි.

:       2       1

prasanna Tuesday, 17 December 2024 02:27 PM

ඒක ඇත්ත, ඉල්ලා අස්වුණා නේ. තව හොර උපාධි ගත්ත අයට මොකද වෙන්නේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ගින්නට හසු වූ තිදරු පියා මරුට
2025 මැයි මස 11 491 0

කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.


‘තුවාල වූ අය බේරගන්න උපරිමය කරන්න‘
2025 මැයි මස 11 1387 0

කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත


රැඳවියන්ට වෙසක් තෑග්ගක්
2025 මැයි මස 11 387 0

වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ


සිද්ධස්ථාන දෙකක් පූජා භූමි කරයි
2025 මැයි මස 11 1428 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.


වෙසක් සඳ ඔක්කොම එක් කරයි
2025 මැයි මස 11 548 0

රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.


අහසට වෙඩි තබා අසල්වැසියා බය කරලා
2025 මැයි මස 11 817 0

ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1025 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1441 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 372 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site