
(අංජුල මහික වීරරත්න)
බිඳවැටුණු ආර්ථිකය ගොඩගැනීමට රජය ඉදිරිපත් කළ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ නිසි ලෙස ක්‍රියාත්මක කළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දුන් ඉලක්ක පමණක් නොව ඉන් ඔබ්බට ගිය ආර්ථික සමෘද්ධියක් කෙටි කාලයකදී රටට උදාකරගත හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අමාත්‍යාංශ ලේකම්වරු සහ පළාත් ප්‍රධාන ලේකම්වරු සමඟ අද (17) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ය.
රටේ ආර්ථිකය බංකොලොත්වීම සහ තමන්ගේ අනාගතය පිළිබඳ තරුණ පරපුර නගන ප්‍රශ්නවලට දේශපාලඥයාගේ සිට පරිපාලන නිලධාරියා දක්වා සියලුදෙනාට පිළිතුරු දීමට සිදුවන බව පැවසූ ජනාධිපතිවරයා අතීතයේ වැරදි සිදු වුවද, සියලුදෙනා එක්ව නිසි ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කිරීමෙන් එම වැරදි ආපසු හරවා ගැනීමට හැකියාව තිබෙන බව ද කියා සිටියේය.
රටේ දියුණු ආර්ථිකයක් ඇති කිරීමට නම් ඇතැම් රාජ්‍ය සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යාවශ්‍ය බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතා මුදල් තවදුරටත් අපතේ නොහැරිය යුතු අතර, අමාත්‍යාංශ ලේකම්වරුන් තම අමාත්‍යාංශ යටතේ ඇති සමාගම් ආරක්ෂා කිරීමට කටයුතු කරනවා වෙනුවට රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළට සහාය ලබාදිය යුතු බව ද කියා සිටියේය.
පළාත් සභාවල ප්‍රාග්ධන වියදම් සහ ප්‍රාග්ධන ව්‍යාපෘති පිළිබඳ නව රෙගුලාසි ගෙන ඒමට අවශ්‍ය බවත්, බිම් මට්ටමින් බලය බෙදාහැරීම පිළිබඳ ඉදිරි මාස දෙක තුන තුළදී තීරණය කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඹව ගෙනාවේ බලය බෙදලද .හොර මයිනෝ කපුටෝ බේරාගන්නද
දේශපාලකයින්ගේ වැටුප සහ වරප්‍රසාද තීරණය ගැනීමේ හැකියාව පාර්ලිමේන්තුවෙන් ඉවත් කර ඒ සදහා ජනමතය විමසන්න. මොකද උන්ගේ පඩිය හදන හැටි තීරණය කරන්න ඕන අපි. උන් නෙමේ.
මෙවන් පිනාධිපති කෙනෙක් සහ මෙවන් පරිපාලන නිලධාරීන් සිටින රටක ආර්ථිකය යලි ගොඩ අරගැනීම සිහිනයකට සීමා වනු ඇති
මේ ගොයියාට රටේ බලය බෙදන්න් කව්ද බලය දුන්නේ? හලෝ රනිල් අපි එහෙම බලයක් දුන්නේ නැහැ. දේශපාලන ආයුෂ අඩුකර ගන්න වගේ කල්පනාව? රටේ ඉන්න දෙමල්ලු රටේ නීතිවලට අවනත උනොත් හොඳයි නේද? අපි අවුරුදු 30 යුද්දකලේ රනිල්ගේ ISGA ක්‍රීයාත්මක කරන්න ඉඩ දෙන්න නොවෙයි. දෙමළුන්ට කියන්න කැමතිනම් ඉඳපල්ලා බැරිනම් මුදට පැනපල්ලා කියලා.
රටේ ආර්ථික හා සමාජ ප්‍රශ්න විසඳන්න බැරි දුර්වල නිවට හා අදම පාලකයා .දැන් හදන්නේ දෙමල ජාතිවාදීන්ට කප්පම් දීලා නැවත වරක් බලය ඩැහැ ගන්නයි
බිම් මට්ටමින් බලය නෙවෙයි පරිපාලන කටයුතු බෙදාහැරියොත් තමයි හොඳ , බදු , ආදායම් බලපත්‍ර, හැඳුනුම්පත් , විදේශ ගමන් බලපත්‍ර , සියලුම රජයේ ලිපි ලේඛණ , විද්‍යුත් මාර්ගයෙන් සාමාන්‍ය ජනතාවට ලබාගන්න හැකි වන පරිදි. බලය බෙදන්නේ මොඩයො. පළාත් සභා කියන්නේ බලය බෙදන්න කියලා ඉන්දියාවෙන් අටවපු කෙමනක්. පුංචි ලංකාවට ඔය බර දරන්න බැහැ.