
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ආණ්ඩුවක් තිබුණත් එකයි නැතත් එකයි බලය ඇතත් නැතත් අපිට හැකියාවක් තියෙනවා නම් නිපුනතාවයක් දක්ෂතාවයක් කුසලතාවයක් තියෙනවා නම් අනිවාර්යෙන් අපි රටට සේවයක් ඉෂ්ඨ කරන්න ඕන. අපි අද ඒක ප්‍රායෝගිකව පෙන්වලා තියෙනවා. දේශපාලනය උඩු යටිකුරු කරල තියනවා.යැයි සමගි ජන ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායකවරයා මහතා එසේ පැවසුවේ සමගි ජන බලවේගය බලවේගයේ "හුස්මක් වැඩසටහන යටතේ" පිළියන්දල බෝකුන්දර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත ත්‍රිරෝද රථයක් පිරිනැමීමේ උත්සව සභාව අමතමිනි
කොයි කාලෙද මේ රටේ දේශපාලනය ඉතිහාසයේ විපක්ෂයේ ඉඳගෙන මිලියන 126 දශම 4 ක රෝහල් උපකරණ රෝහල්වලට පරිත්‍යාග කළේ.
මේ හුස්ම වැඩසටහන තුළින් නිරෝගී ජන පරපුරක් නිර්මාණය කරන්න. ඒ තුළින් රටේ ආර්ථික වර්ධන වේගය ශක්තිමත් කරන්න.නිෂ්පාදන ධාරිතාවක් වර්ධනය කරන්න .අපි මේ අත හිත දෙන්නේ සෞඛ්‍ය සම්පන්න ජන සමාජයක් කරා රටේ සෞභාග්‍යය නිර්මාණය කරන්න
අපි විශ්වාස කරනවා ඩිජිටල් ආර්ථිකය තමයි මේ රටේ වේගවත් සංවර්ධනයක් කරා යොමු කරන්න පුළුවන් එක වැදගත් මාර්ගයක් .මේ රටේ බොහෝ නායකයන් මොනවාද කරලා තියෙන්නේ. ඩිජිටල් ආර්ථිකය ඩිජිටල් විප්ලවය ලොකුවට කතා කරලා තියෙනවා.
දැන් අද රටේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා විදේශ විනිමය හිඟයක් . ඩොලර් නෑ. පෝලිං යුගයට ගිහිල්ලා .
කිරිපිටි නැහැ .දැන් හෙට අනිද්දා බලාගන්න පුළුවන් ඉන්ධන මිල කොච්චර ඉහළ යයිද කියලා.ගෑස් හිඟය කුත් තියෙනවා.හැමතැනම දන නෙවෙයි රින.එහෙව් - රින තත්වයක් තිබෙන මොහොතේ කාටද විවේචනය කරන්න පුළුවන් මේ වගේ සම්පතක් ජීවිතය බේරගන්න රාජ්‍ය සෞඛ්‍ය ආයතනය කට පරිත්‍යාග කරන්න.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා කොච්චර හොඳ වුණත් ලංකාවේ මිනිස්සු කැමැති මිනීමරණ දේශපාලුවන්ට...
ත්‍රි රෝද රථයක් දෙන එකද සේවය...? දැනට ඕනේ මිනිස්සුන්ට හරි හම්බ කරගෙන ඉන්න පුළුවන් සමාජ ආර්ථිකයක් ගොඩනැගීම... එහෙම නැතිව ජනතාව හිඟමනට දාලා හිඟන්නන්ට කෑම වේලක් දෙන දේශපාලනයක් නෙවෙයි...
කැඩුවත් හැමදා මී වදයම ගිල්ල අපි... කිසිදා අත ලෙව කෑවේද නැති අපි... මේ දැන් කියන්නේ ඇත්තයි හිතුවට තොපි... "ලැබුණොත්" බලය කනහැටි දන්නේ අපි...
නිල නොලත් රාජ්‍ය ඇමති රවීන්ද්‍ර, කියන්නකෝ බලන්න මෙයට පෙර මොන විපක්ෂ නායකයාද මෙහෙම දෙයක්වත් කළේ කියලා..? දැනට පාලකයින් විපක්ෂයේ සිටියදී කලේ පුළුවන් තරමින් පැවැති රජයන් අපහසුතාවට පත්කිරීම නොවෙයිද? (මෙහෙම බඩු බෙදලා නම් රට කරන්න බැහැ තමයි) විපක්ෂය ලෙසට මෙහෙමවත් කිරීම කොපමණ අගය කළයුතු දෙයක්ද?
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත ත්‍රිරෝද රථයක් පිරිනැමීම කොච්චර හොඳ දෙයක්ද? විපක්ෂ නායකතමා මොන හොඳ දෙයක් කරත් මේ අය දකින්නේ ඇදේට. හොරුන්ටමයි කහින්නේ...
වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැහැ.
බොහෝ දෙනෙක් දේශපාලන තනතුරුවලට පොරකන්නේ තම දරුවන් රට යවා උගන්වා විශාල ධනයක් වෙන රටක බැංකුවක පොදි ගැසීමට කියා තමයි දැන් ප්‍රසිද්ධ. ඒත් ඔබතුමාට එසේ කිරීමට අවශ්‍ය නොවීම ඔබගේ සහායකයින්ගේ උදව් නොලැබීමට හේතුවිය හැකියි. මේ රට දැන් ඉදිරියට යන්න නම් විශාල සමාජ ආකල්ප වෙනසක් විය යුතුයි. මේ දේශපාලන පද්ධතියේ ඇඟ බේරාගෙන ඉන්න උගතුන්ටත් මේ වෙලාවේ ලොකු වගකීමක් තියෙනවා.
දිව්‍යඥාණය පහළවෙලා වගෙයි. බල තණ්හාවෙන් ඓතිහාසික පක්ෂයක් විනාශ කළ එකේ පාපය පටිසන් දෙන්න යනවද කොහේද?
තාම මතකයි කට්ටියට සේවය කරපු විදිහ... බොළඳ කතා කියන්න එපා බලය ගන්නකම්...!
අන්න ඒක හොඳයි. වෙන්නේ මොකක්ද කියලා කලින්ම දැනගෙන වගේ...!