
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජූලිගේ)
මේ වසරේ බලය ගැනීම සඳහා ලොකු සැලැස්මක් තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසූයේ සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවතේ පක්ෂ මූලස්ථානයේ වැඩ කටයුතු ආරම්භ කරමින් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
දේශපාලන වෙනසක් සඳහා තම පක්ෂය සූදානම් බව ද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කීය.
මෙවර මැයි දිනය වෙසක් පොහොය දිනට යෙදී ඇති බැවින් තම පක්ෂය මැයි දිනය සැමරීමක් සිදුනොකර ආගමික කටයුතුවල නිරත වන බව ද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කීය.
" අපි මේ සැරේ සිල් ගන්නවා" යනුවෙන් ද මහින්ද රාජපක්ෂ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවත පාස්කු ප්‍රහාරය වගේ එකක්ද?
නගුට පස්ස පැත්තේ ගහගෙන ඉන්න තම පාදඩ දඩ බල්ලන් චූන් කරන්න අවසාන කාලයේ මරු කියවනවා...
ආයි බලය ගන්න වෙන්නේ අපායේ තමයි අපේ හාමුදුරුවනේ !
බැරිවුණොත් අවුරුද්ද ඉවරවෙන්න කලින් ඔය කී දෙනෙකුට ආණ්ඩුවේ උළුගෙදර තපින්න වෙයිද කියන්නත් බැහැනේ නේද අබිලිං...?
මාලු මාකට් එකේ කිලෝ එකක් හත්සිය පණහයි.
මේ වසරේ බලය ගැනීම කෙසේවතත්, මේ වසරේ ඔයාට අල්ලස් කොමිසම, අධිකරණ, භාන්ධනාගාර එහෙ රස්තියාදු වෙන්න වෙනවාමයි. අල්ලස් කොමිසමෙන් විමර්ශනය පටන් ගත්තු ගමන්, දැන් බලය ගන්න ඕනේ වෙලා. බලාගන ඉන්න කෝ, බලය ලැබේවි. එහෙම බලය ගන්න පුළුවන් නම්, ඇයි නාමල් පුතා පහුගිය මහ මැතිවරණයේදී තරංග කරන්න බය වුනේ?
අනේ ආයේ නම් එපා රට හිගමනටම වැට්ටුවා