(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායක)
විදේශයක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් බලපත්‍රයක් නොමැතිව ළඟ තබාගෙන සිටි බව කියන කොල්ලුපිටිය පොලිසියේ රාජකාරි කරන පොලිස් සැරයන්වරයකු සීතාවකපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
එම ගිනි අවිය ද පොලිස් භාරයට ගෙන බාරයට ගෙන තිබේ.
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයෙන් කරන ලද දැනුම්දීමක් අනුව සැකකාර පොලිස් සැරයන්වරයාගේමීතිරිගල ප්‍රදේශයේ පිහිටි නිවස සෝදිසි කර මෙම ගිනි අවිය සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.
සීතාවකපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකාර පොලිස් සැරයන් සැරයන්වරයා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd