
(ගයාන් සූරියආරච්චි)
රෙදි කැබැල්ලකින් ඔතා මාර්ගයේ දමාගොස් තිබූ දින 2ක් පමණ වන බිලිඳියක දෙමටගොඩ පොලිසිය විසින් සොයාගෙන බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියයාමේ සිද්ධියට සැකපිට පුද්ගලයකු අද (22) අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය පවසයි
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමටගොඩ ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකි.
දෙමටගොඩ කනිජතෙල් නීතිගත සංස්ථාව අසල අතුරුමාර්ගක් අසල කිසියම් පුද්ගලයකු විසින් රෙදි කැබැල්ලකින් ඔතා බිලිදියක දමාගොස් ඇති බවට දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතාට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් එම බිලිදා වහාම බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබුණි.
කෙසේ වෙතත් එම බිලිදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබූ අතර සී.සී.ටී.වී දර්ශන නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව සැකකටයුතු පුද්ගලයකු අද (22) දෙමටගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
2025 දෙසැම්බර් මස 18
596
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බිලිදියක පාලම යට දමා ගිය සිද්ධියට අයෙක් සැකපිට