
(කේ. බුද්ධික කුමාරසිරි)
මිනිස් පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් නිෂ්පාදනය කර වෙළඳ පොළට නිකුත් කරන නිශ්පාදනාගාරයක් මාලබේ කහන්තොට ප්‍රදේශයේදී පාරිභෝගික සේවා අධිකාරියේ නිළධාරීන් සමඟ එක්ව වැටලීමට කටයුතු කල බව මාලබේ පොලිසිය පවසයි.
අදාළ මධ්‍යස්ථානය පිළිබඳව ලද තොරතුරක් මත පොලිස් නිලධානින් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සිදුකළ පරික්ෂාවකින් අනතුරුව පාරිභෝගික සේවා අධිකාරිය දැනුවත් කිරීමට කටයුතු කර තිබුණි.
ඒ අනුව පාරිභෝගික සේවා අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් අධ්‍යක්ෂක අවිස්කා විරාජණී මහත්මිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පැමිණ එම ස්ථානයේ සිදුකළ පරික්ෂාවේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් නිෂ්පාදනය කරන ආකාරය දැක එම ස්ථානය හිමිකරු අත්අඩංගුවට ගෙන ඇපකරයක් මත මුද හැරීමට කටයුතු කර ඇත.
එම ස්ථානයේ තිබී පොල්තෙල් යනුවෙන් හඳුන්වන පිරවූ ලීටර් 45 කෑන් 94 ක් මිලි ලීටර් 500 පිර වූ බෝතල් 73 ක් ලීටර් 45 හිස් කෑන් 240 ක් හමු වූ බවත් පසුව පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් එම නිෂ්පාදනාගාරයට මුද්‍රා තැබූ බවත් පොලිසිය පවසයි.
අදාළ පොල්තෙල් නිෂ්පාදනය කිරීමේදී ආර්ඩීබී නමැති තවත් තෙල් වර්ගයක් මිශ්‍ර කර තිබූ බවත් ඊට අමතරව පුන්නක්කු මිරිකා යොදාගත් තෙල් කලවම්කර බෙදා හැර ඇති බවත් අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ පිළිකා රෝගය ඉහළ යාමට එක හේතුවක් තමයි මේ විෂ දේවල් ආහාරයට ගැනීම. ආහාර පිළියෙළ කිරීමේදී භාවිතා වෙන තෙල් වර්ග මේ අතුරින් ප්‍රධානයි. ඒ තෙල් වල වරදක් නිසාම නොවෙයි. මේ තෙල් කියලා වෙළඳ පොලට එවන්නේ එක එක ජාවාරම් කාරයන්ගේ වංචනික නිෂ්පාදන නිසයි. සුපිරි වෙළඳ සල් වලත් සමහර තෙල් බෝතල් වල ලේබලයේ මේ ආර්ඩීබී කියන අකුරු තුන ඉතාම කුඩාවට කොහේ හරි අස්සක මුද්‍රණය කරලා තියෙනවා. ඔය කියන්නේ වෙන රටවල ආහාර බැදුම් වලට පාවිච්චි කරලා කරවෙලා අහක දාන තෙල් ජාවාරම්කාරයෝ නැව් පිටින් මේ රටට ගෙනල්ල ප්‍රධාන වශයෙන් සාන්ද්‍ර සල්පියුරික් අම්ලය සහ එක්තරා මැටි වර්ගයක් සමග අධික උෂ්ණත්වයක රත් කර තවත් නොයෙකුත් සංකීර්ණ ක්‍රියාවලියක් ඔස්සේ පිරිසිඳු පෙනුම තියෙන ඉතා හොඳ තෙල් වගේ පෙනෙන අයුරින් සකසන තෙල් කියන එකයි. බොහෝ දෙනෙක් නොදැනුවත් කමට මේ විෂ තෙල් අරන් ගිහින් බැදුම් හදාගෙන කනවා. බත් කඩ, ආපන ශාලා බොහොමයක මේවා තමයි යන්නේ. මේවා කන වැඩිහිටි, බාල, තරුණ, පරපුර අනාගතයේ අකාලයේ මිය යනවා. මහා අපරාධයක්. ගෙදරක කුස්සියට වත් වැද්ද ගන්න එපා ඔය ආර්ඩීබී තෙල් නම්.
සීදුවේ එකෙත් තත්වෙ ඕක තමයි. හොඳ තෙල්වලට ජරාව කළවම් කරනවා.
මේ වගේ කාලකණ්ණි ජීවිතාන්තය දක්වා හිරේ දැමිය යුතුයි.