
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ බල්ගේරියානු තානාපතිනී එලේනෝරා ඩිමිට්‍රෝවා ( Eleonora Dimitrova) මහත්මිය මෙරට සේවා කාලය නිම කර සිය රට බලා නික්ම යෑමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.
එලේනෝරා මහත්මිය සමඟ සුහඳ කථා බහක නිරත වූ ජනාධිපතිවරයා ඇය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදුන් සේවාව ඇගයීමට ලක් කරමින් ඉදිරි කටයුතු වෙනුවෙන් ද සුභාශිංසන එක් කළේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරියේ දී ද ලබාදිය හැකි සෑම සහායක්ම ලබා දෙන බව එලේනෝරා මහත්මිය එහිදී සඳහන් කළාය.
කොළඹ ජනාධිපති කාර්යාලයේ දී මෙම හමුව සිදු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd