(මොහොමඩ් ආසික්)
මහනුවර මාතලේ මාර්ගයේ අලවතුගොඩ බලකඩුව ප්‍රදේශයේ පිහිටා තිබූ ව්‍යාපාරික ගොඩනැගිල්ලක් අද( 12) දිනයේ නාය යෑම නිසා එම ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් මෙම නාය යෑම සිදු ව ඇති.
එම ගොඩනැගිල්ල ව්‍යාපාරික කොන්ක්‍රීට් ගොඩනැගිල්ලක් වන අතර මින් පෙර මෙම ස්ථානයේ මත්පැන් හලක් පිහිටා තිබූ නමුත් මේ වන විට එහි වඩේ හදන ස්ථානයක්ව පවත්වාගෙන ගොස් තිබේ.
කෙසේ නමුත් මෙම නාය යෑම සිදුවන අවස්ථාවේ ගොඩනැගිල්ලේ කිසිවෙකුත් නොසිටි බවත් ප්‍රදේශවාසීහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd