(ඩී.ජී.සුගතපාල)
බෙලිඅත්ත නිහිළුව ප්‍රදේශයේ විහාරස්ථානයක ඉඩම ට්‍රැක්ටරයක් මගින් සුද්ධ කරමින් සිටියදි ඉඩමේ තිබු විදේශිය රටක නිෂ්පාදිත අද (27) සවස අත් බෝම්බයක් පුපුරා ගොස් ඇති බවත් පසුව එම ස්ථානයේ තිබි තවත් ජිව අත් බෝම්බ දෙකක් හමුවි ඇති බවත් දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
ට්‍රැක්ටරය විහාරස්ථානයට අයත් එකක් වන අතර විහාරාධිපති හිමියන්ගේ ඥාති පුතෙකු ට්‍රැක්ටරයේ පිටුපස තණකොල කපන උපකරණයක් සවිකරගෙන තණකොල කපමින් සිටියදි මෙම බෝම්බය පුපුරාගොස් ඇත.
අක්කර පහක් පමණ විශාල ඉඩම වසරකට පමණ පසු සුද්ධ කරමින් සිටියදි බෝම්බය පුපුරාගොස් ඇති අතර එහිදි ට්‍රක්ටරයේ රියදුරුට තුවාල සිදුව නැත. පසුව කරණ ලද සෝදිසියකදි ඒ ආසන්නයේ තිබි තවත් ජිව අත් බෝම්බ දෙකක් සොයාගෙන තිබේ.
බෙලිඅත්ත පන්වැව විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රිය අංශය පැමිණ බෝම්බ නිශ්ක්‍රිය කිරිමට පියවර ගෙන ඇති බවත් මෙම විහාරස්ථානය පාලු ප්‍රදේශයක පිහිටා ඇති බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේකේ හෝදන අය අත් බෝම්බෙත් මහින්දගේ එකක් කියයි
ත්‍රස්තවාදින් රට පුරා, අරය කොහොමද ආරක්ෂකයන් 60ක් එක්ක ගමේ ගිහින් ඉන්නේ නේද ?????
බුදාම්බෝ!!!!! මෙන්න මයින්ද මාතියාට ගහන්න බෝම්බ ගෙනල්ලෝ!!!! රට ජාතිය බේරගනියෝ!!!! ඔක්කොටම ඉස්සර පොඩි මයිනෝ ටික බේරගනියෝ!!!!!
කවුද යකෝ පන්සලට ජීව බෝම්බ පුජා කොරපු එකා..
බෙලිඅත්ත කොහොමත් හොරුන්ට අපරාධකාරයින්ට ප්‍රසිද්ධ පැත්තක් නේ. මේකත් ඒ කාගේ හරි වෙන්න ඇති
AKD රජය මැදමූලන මයිනා ගෙ ඇගෙ මයිල් ගානට හිටපු, බල්ලන් බලාගත්, වත්ත උදළු ගාපු, වාහන හොදපු, "ඊනියා ආරක්ෂක භටයන්" අඩුකරාට පස්සෙ, (ප) රාජපක්ෂ පවුල් සංස්ථාව මැදමූලන ඉලව්වෙ කරපු රහස් සාකච්ඡාවක ප්‍රථිපලයකි, මෙම චූටි රතිඤ්ඤා කරල. ඕවට රැවටෙන බයියො ඉන්නේ මැදමූලන පැත්තේම තමා ...
මේ ආණ්ඩුව බලයට අවා විතරයි පාතාලේ ඉන්නේ උඩින් 88/ 89 වගේ වෙන්න වගේ යන්නේ.