
(පද්මසිරි ගාර්දියවසම් සහ රන්න චන්ද්‍රසේන ගමගේ)
මරදානේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය කල දුම්රිය මැදිරියක අසුනක් යට බෑගයක තිබී ටී 56 වර්ගයේ ගිණිඅවි සදහා භාවිතා උණ්ඩ පුරවන ලද මැගසින් එකක් සහ ජීව උණ්ඩ 57 හමුවී ඇතැයි බෙලිඅත්ත පොලිසිය පවසයි.
මරදානෙන් අද (29) උදෑසන 6.30ට පිටත්වූ දුම්රිය දහවල් 12.30 ට පමණ බෙලිඅත්ත දුම්රිය ස්ථානයට ලගාවී තිබේ.
දුම්රියේ පැමිණි ජනතාව පිටව ගිය පසු දුම්රිය ආරක්ෂක අංශයේ නිළධාරින් විසින් දුම්රිය පරීක්ෂා කිරීමේදී එහි තුන්වන පංතියේ මැදිරියක අසුනක් යට තිබී කලු පැහැති බෑගයක් හමුවී ඇති අතර එම බෑගයේ තිබී උණ්ඩ පුරවන ලද මැගසිනය සහ කලු පැහැති ප්ලාස්ටික් කෝප්පයක තිබී ජීව උණ්ඩ හමුවී ඇතැයි පොලිසිය පවසයි.
සැකකරුවන් කිසිවෙකු අත් අඩංගුවට ගෙන නැත.
තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර පෙත්තතන්ත්‍රි මහතාගේ උපදෙස් පරිදි බෙලිඅත්ත පොලිසිය සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වයි .
(ඡායාරූපය: රන්න චන්ද්‍රසේන ගමගේ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩේසි ආච්චිගේ කවුරුහරි බලන්න යන ගමන් අමතක වෙලා දමලා ගිහින් වෙන්න ඇති.
මේ පාතාලයා ගණන් ෆේල් එකක් වැඩියෙන් ගැනලා.
මහ ඡන්දෙ ළඟනිසා නාමල් ඇතුළු රාජපක්ෂ අය කියාවි මැද මුලන රංචුව ඉලක්ක කරගෙන මරන්න හමුදාවක් ඇවිල්ලා කියලා... කෝච්චියෙන්. ඩේසි ආච්චිගේ මැණික් මල්ල වගේ මේ මල්ලත් ඔවුන්ට කෝච්චියේ අමතක වෙලා කියලා...!
සුනාමියලාගේ හෙන්චයියෙක් වෙන්න ඇති