
(අංජුල මහික වීරරත්න)
'සුරකිමු ලංකා' බලශක්ති සුරක්ෂිතතා ජාතික මෙහෙයුම ක්‍රියාවට නැංවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
බල ශක්ති සැපයුම පොසිල ඉන්ධන මත සැලකිය යුතු ලෙස රඳා පැවතීම, අනපේක්ෂිත වියළි කාලගුණික තත්ත්ව, භූ දේශපාලනික අස්ථාවර තත්ත්වයන් මත වරින්වර ඉන්ධන සැපයුම අඩාල වීම, ජාත්‍යන්තර වෙළෙඳ පොළෙහි ඉන්ධන මිල උච්ඡාවචනය වීම ආදී හේතූන් මත මෙරට බලශක්ති සුරක්ෂිතතාව අභියෝගයට ලක්ව තිබේ.
එකී සියලු සාධක මත ඉහළ යන ඉන්ධන ආනයන වියදම ජාතික ආර්ථිකය මත ඇති කරන අතිරේක පීඩනය, විදුලි පාරිභෝගිකයින්ගේ අක්‍රමවත් විදුලි පරිභෝජන රටාව හේතුවෙන් තවදුරටත් තීව්ර වන බව හඳුනා ගෙන ඇත. එබැවින්, එම තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කිරීම පිණිස වැඩි පුර්නර්ජනනීය බල ශක්ති ජනනයක් ඇති කාල පරාසවලට විදුලි පරිභෝජනය හැකිතාක් යොමු කිරීම සඳහා හා බලශක්ති පරිභෝජන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා මහජනතාවගේ චර්යාත්මක වෙනස්වීම් ද අත්‍යවශ්‍ය බව හඳුනා ගෙන තිබේ. එකී අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ' සුරකිමු ලංකා ' බල ශක්ති සුරක්ෂිතතා ජාතික මෙහෙයුම නමින් ඒකාබද්ධ වැඩසටහනක් ජනාධිපති කාර්යාලය, බලශක්ති අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ප්රමුඛ කොටගත් සියලු රාජ්‍ය ආයතන, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල, පෞද්ගලික අංශය හා මහජනතාව සමඟ එක්ව ක්‍රියාත්මක කිරීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd