IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බිල වැඩිවීමෙන් වැඩිම විදුලි සැර දුප්පතුන්ට

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

මාසිකව විදුලිය ඒකක පනහක් පමණ පාවිච්චි කරන රටේ සමස්ත ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන්ගෙන් තුනෙන් එකකට  ආසන්න පිරිසකගේ විදුලි බිල මෑතක සිදුකෙරුණු සංශෝධන හේතුවෙන් සියයට 412කින් ඉහළ ගොස් ඇතැයි විදුලි බල මණ්ඩලයේ වාර්තා අනුව පෙනී යන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ලංකාදීපයට පැවැසීය.

විදුලි ඒකක 50ක් පමණ පාවිච්චි කරන වැඩි පිරිසක් අන්ත දුගී අය බව පවසන මහාචාර්යවරයා විදුලිබිල සංශෝධනය තුළ වැඩිම බලපෑමට ලක්වී ඇත්තේ ආගමික ස්ථාන බවද සඳහන් කළේය.

මසකට විදුලි ඒකක 150 ක් පාවිච්චි කරන ආගමික ස්ථානවල විදුලි බිල  සියයට 597කින් වැඩිවී ඇතැයිද  ඔහු පැවසීය.

විදුලි ඒකක සීයක් පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි බිල සියයට 203 කින්ද  ඒකක 150 ක් පාවිච්චි කරන විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි බිල සියයට 163කින්ද විදුලි ඒකක දෙසීයක් පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි බිල සියයට 137 කින්ද  විදුලි ඒකක 250ක් පාවිච්චි කරන අයගේ විදුලි බිල  සියයට 150 කින්ද  විදුලි ඒකක 400 ට වැඩියෙන් පාවිච්චි කරන අයගේ විදුලි බිල සියයට  100 කින්ද  වැඩි වී ඇතැයි අතුකෝරල මහතා පෙන්වා දුන්නේය.

එසේම විදුලි ඒකක 200ක්  පාවිච්චි කළ කුඩා කර්මාන්තවල විදුලි බිල සියයට 143 කින්ද ඒකක දෙසීයක් පාවිච්චි කළ වෙළෙඳ ව්‍යාපාරවල විදුලි බිල සියයට 195කින්ද  වැඩිවී ඇතැයි ඔහු සඳහන් කළේය.

විදුලිබල මණ්ඩලය පසුගිය වසරේදී  විදුලිය විකුණා රුපියල් කෝටි 39800ක ලාභයක් උපයා ඇතැයි පවසන වසන්ත අතුකෝරළ මහතා ඉන් රුපියල් කෝටි 9600ක්ම උපයා ගෙන ඇත්තේ ගෘහස්ථ අංශයෙන් බවද  ප්‍රකාශ කළේය.

මණ්ඩලය ව්‍යාපාර අංශයෙන් උපයාගෙන ඇති මුදල රුපියල් කෝටි 8100ක් බව  හෙතෙම පැවසීය.

විදුලිය බිල වැඩි වීමෙන් වැඩිම පීඩනයට ලක්ව ඇත්තේ අඩු ආදායම් ලබන පිරිස් බවත් මේ හේතුවෙන් ඒ  අයගේ  දරුවන්ට අධ්‍යාපනය සඳහා මුදල් වැය කිරීම ලොකු අභියෝගයක් වී ඇති බවත් මහාචාර්යවරයා කීවේය.

මේ පිරිස ඉදිරියේ දී විදුලිය නැතිව ජීවත්වීමේ අවදානමක් මතුව  ඇතැයිද අතුකෝරල මහතා පැවසීය.

සමහර අඩු ආදායම්ලාභීන් සිය කණකර ආභරණ උකස් කර හෝ විකුණා විදුලිය බිල ගෙවන තත්වයක් පවතින බවද  ඔහු පැවසුවේය.

ශ්‍රී ලංකාවේ සියලු විදුලි ගිණුම් ප්‍රමාණය  හැට  නවලක්ෂ තිස් හය දහස් හත් සිය තිස් පහක් බවත් ඉන් සියයට 86ක් ගෘහස්ථ  පාරිභෝගිකයන්ට අයත් ඒවා බවත්  මහාචාර්යවරයා පැවැසීය.

විදුලිය  ගෙවන ගෘහස්ථ  පාරිභෝගිකයන්ගේ ගිණුම් සංඛ්‍යාව  පනස් නව ලක්ෂ  හැත්තෑ දහස්  තුන්සිය විසි හයක් බව  වසන්ත අතුකෝරාල මහතා සදහන් කළේය.



අදහස් (4)

බිල වැඩිවීමෙන් වැඩිම විදුලි සැර දුප්පතුන්ට

uween Saturday, 04 November 2023 02:39 PM

ආගමික ස්ථානවලට ලැබෙන සල්ලි කෝ? අපි කැටේට දාන සල්ලි ඕවට තමා වියදම් කරන්න ඕනේ නැතුව defender, iphone ගන්න නෙමෙයි

:       0       0

sugath Saturday, 04 November 2023 04:37 PM

LED සහ CFL තාක්ෂණයෙන් යුතු විදුලි බල්බ් රටේ ප්‍රචලිත කළයූතුයි.

:       0       0

Lal Saturday, 04 November 2023 05:59 PM

මේ රිසර්ච් එක කරලා තියෙන්නේම ජෙප්පෙක්... මෙයාට ආර්ථික විද්‍යාව ගැන අදහසක් නැති කෙනෙක්...!

:       0       0

චන්දන Saturday, 04 November 2023 06:23 PM

අස්වැසුම තමයි පිළියම...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 96 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site