
(සුජිත් හේවාජුලිගේ )
බූලි සහ බෝතල් වලට ඉන්ධන ලබා දීම වහාම නතර කරන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සියලුම ඉන්ධන බෙදුම් කරුවන්ට දැනුම් දී ඇත.
එසේ කටයුතු නොකරන ඉන්ධන පිරවුම්හල් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කරන බව සංස්ථාවේ ප්‍රකාශකයෙක් පැවැසීය
මේ තත්ත්වය වහාම නතර කරන ලෙස සංස්ථාව පොලිසියටද දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙල් නැතුව මග නැවතුන වාහන ෂෙඩ් එක ගාව්ටා තල්ලු කරන එන්න ඕනෙද ?නැත්නම් තෙල් ටැංකිය ගලවන් එන්න ඕනෙද ?
වහගෙන කරගෙන ටිපර් වල පටවන් එන බැරල් වලට දුන්නට කමක් නැද්ද එතකොට.?
එළුවාගෙ බෙල්ල කපලා මුට්ටිය බිඳින ජාතියේ විසඳුම්. කෙනෙකුට තෙල් රැස් කරන්න ඕනනම් ටැංකියට බටයක් දාලා ගන්න බැරිද? මෙවැනි තීරණ වලින් වෙන්නේ විදුලි ජනන යන්ත්‍ර, ඉඩම් වාහන වැනි දේ ඇති පුද්ගලයින් අපහසුතාවයට පත්වීමත් ඉන්ධන වලට කළුකඩ මිළක් ඇතිවීමත් පමණයි.
පොහොර සහ කෘෂි රසායන නොමැතිව අස්වැන්න බොහෝසෙයින් අඩුවුණා. ඒ සොච්චම හරි නෙලාගන්න හරි බෝතලයට මැෂිමෙන් තෙල් ගේන්නේ කොහොමද? බූලිවලට තෙල්දාන්නේ නැතිකොට... හොඳින් තිබූ රටකට යන කලද මේ?
අඩියටම හිඳෙනකම් ඉන්න එපා.. බූලි-බෝතල් වලට තෙල් අරන් යන්න, ඔය පාරේ ඉන්න බහුතරයක් දෙනාට බයිසිකලයක් වත් නැතිව ඇති.. දැන් බූලි-බෝතල් වලට තෙල් අරන් ගිහින් කලු සල්ලි හොයන අය තමා ඇත්තේ වැඩි දෙනා.. අද ඔන්න යුරෝපයෙත් තෙල් මිල යුද්ධය නිසා ඉහළයිලු.. බූලි-බෝතල් තියන් නැතිලු... ෂෙඩ්වල පෝලිම්....!
අර ගීතා කුමාරසිංහ මන්ත්‍රී කිව්වා නේද? මැති ඇමැතිලා අවුරුද්දකට අවශ්‍ය ඉන්ධන ගබඩා කරලයි කියලා... ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැද්ද?
එදා අගමැති මහින්ද පාර්ලිමේන්තුවට ආපු පාපැදි දැන් කොහෙද කියලා දන්නේ නැහැ. මේ වෙලාවේ තිබුණා නම් වටිනවා...
එතකොට ගොයම් කපන මැෂින් වලටත් තෙල් ගහන්න අර බූතයා කියන මැෂිමත් අරං එන්න ඕනෑද? අයියෝ ටාසන්ගේ ආණ්ඩුවට ගියපු කලක්...
මරු, කම්පැණිවල තියෙන ජෙනරේටර්, ගලවගෙන යන්නකෝ...!
මෙයාලා ගත්තොත් ගන්නේ මෝඩ තීරණ... වහාම පෙට්‍රල් ලීටර එකක් පෝලිම නැවැත්වීම සඳහා රුපියල් 500ක් කරන්න.
කෘෂිකාර්මික උපකරණවලට ඉන්ධන ලබාගන්න එම උපකරණ රැගෙන එන්න ඕනෑද..?
මේක පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමක්.. මේ ආණ්ඩුවේ මහා එකාගේ ඉඳන් පහළටම මොලයක් නැහැ. ඉන්ධන නැති එකට පිළියම් නොයොදා නාඩගම් නටනවා. මේ බූලිවලට පුරවලා වෙනම කළුකඩ බිස්නස් එකක් යන එක වෙනමයි.. නමුත් තණකොළ කපන යන්ත්‍රයකට, වගේ පොඩි දේවල්වලට මිනිස්සු තෙල් ගෙනියන්නේ බූලිවලට නැතුව ආණ්ඩුවේ අහවල් එකටද?
බෝට්ටු වලට කුමක් විය යුතුද?
භූමිතෙල් ලිප් උස්සන් පෝළිමේ ඉද්දී දැන් සැපද කියලා අහන්න නාකි මයිනෙක් නෑනේ...
මේ කාලකණ්ණි ආණ්ඩුව තොලොංචිවෙලා ගිය දවසට තමයි ලංකාවට හොඳ...
බෝට්ටු සහ ටෝලර් යාත්‍රා පිපුරුම් හල් වෙත පැමිණීම සඳහා අලුතින් වාරිමාර්ග සැකසීමට යෝජනාකරමි.
කොහොම හරි තෙල් ටිකක් හොයලා ජෙනරේටරයක් පිහිටෙන් පොඩි ව්‍යාපාර කරපු අයට දැන් ජෙනරේටරේ කරෙ තියාගෙන පොලිමේ ඉන්න පුළුවන්... බෝට්ටු, ගොයම් කපන මැෂින් වලට රොද හයිකරගත්තා නම් පෝලිමට යන්න පුළුවන්...
වගාබිමට, ගමේ කඩේට. වෙනත් යන්ත්‍ර සඳහා කොහොමද?
දේව ශාප වැදිලා තියෙන්නේ. ගත්තොත් ගන්නේ මෝඩ, තකතීරු තීන්දු, තීරණ...
ජෙනරේටරේට තෙල් ගහන්න බටයක් ඇද්දොත් බටේට ගහවිද?