
මීට වසර 20 කට පෙර එවකට ඇමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් රුසියාවට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට හැකි බව පවසමින් තමාව නොමග යැවූ බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
ෆොක්ස් නාලිකාවේ හිටපු ප්‍රවෘත්ති නිවේදකයකු වූ ටකර් කාර්ල්සන් සමඟ පැවති දීර්ඝ සම්මුඛ සාකච්ඡාවකදී රුසියානු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර ඇත.
හිටපු ඇමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් 2000 වසරේදී රුසියාවේ සංචාරය කළ අවස්ථාවේදී තමන් රුසියාවට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගත හැකිදැයි අසා සිටි බවත් එම අවස්ථාවේදී එය හොඳ අදහසක් බවත් රුසියාවට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට හැකියාව තිබෙන බවත් බිල් ක්ලින්ටන් ප්‍රකාශ කළ බව එම සම්මුඛ සාකච්ඡාවේදී රුසියානු ජනාධිපතිවරයා පැවැසුවේය.
නමුත් එදින රාත්‍රි භෝජනය සඳහා ඇමෙරිකානු ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී රුසියාවට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට හැකියාවක් නොමැති බව සිය නිලධාරී කණ්ඩායම පැවැසුවේ යැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා තමාට ප්‍රකාශ කළ බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.
(අන්තර්ජාලය ඇසුරෙන් විමුක්ති එස් රුද්‍රිගු)
2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බිල් ක්ලින්ටන් මා රැවැට්ටුවා