
( බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න )
වැල්ලම්පිටිය මීතොටමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ගොඩනැගිල්ල පිටුපස කන්ටේනර් පෙට්ටියක් යට සඟවා තිබූ බ්‍රසීලයේ නිෂ්පාදිත පිස්තෝල ගිනි අවියක් සහ මැගසින් දෙකක් සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි .
පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම ගිනි අවිය සොයා ගෙනඇත.
ලද තොරතුරක් අනුව එම ස්ථානයේ සිදුකළ සෝදිසි කිරීමකදී Zigana වර්ගයේ පිස්තෝල ගිනි අවිය කන්ටේනර් පෙට්ටිය යට භූමියේ සඟවා තිබියදී සොයා ගත් බව පොලිසිය කියයි .
කිසියම් සංවිධානාත්මක කල්ලියක් විසින් මෙම ගිනි අවිය මෙම ස්ථානයේ සඟවා තබන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd