(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල දීනගොඩ ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසේ තිබී නීති විරෝධී ගිනි අවි 3 ක්, ජීව උණ්ඩ 630ක් සමග සැකකාර හැවිරිදි ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.
බේරුවල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් අපරාධ නිවාරණ මෙහෙයුම් රාජකාරියෙහි නිරතව සිටියදී බේරුවල නගරයට නුදුරින් ගමන්ගත් සැකකටයුතු පුද්ගලයකු පරික්ෂා කිරීමේදී ගමන් මල්ලේ සඟවා තිබූ ගිනිඅවිවලට භාවිතා කරන ජීව උන්ඩ 50ක් හමුවීමත් සමඟ සැකකරුගෙන් දීර්ඝ ලෙස කර ප්‍රශ්න කිරීම් හමුවේ නිවසේ සඟවා තිබූ ගිනි අවි තුනක් සමඟ තවත් ජීව උන්ඩ 580ක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ගිනි අව් තුන අතර මෙරට නිෂ්පාදනකර තිබෙන බව කියන සුවිශේෂීගිනි අවියක්ද තිබී ඇති අතර එම ගිනි අවිය මගින් ලේසර් කිරණ ආලෝක ධාරා භාවිතා කර ඉලක්කය ඇල්ලීමට හැකි බව ද පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබේ.
2018 වසරේ දෙසැම්බර් මස නව වන දින බේරුවල සැකකරුගේ නිවස වැටලීමේදී මෙයට පෙරද ගිනි අවි තොගයක් සමග මෙම සැකකරු පොලිසියට කොටුවී ඇති බව විමර්ශන සිදුකළ පොලීසිය කියයි.
COMMENTS
මේ සඳහා කැපවූ පොලිස් නිලධාරීන් වෙත රට ජාතියේ ප්‍රණාමය .. !!! පොලීසියේ සැබෑ මෙහෙවර සඳහා මෙවන් නිලධාරීන් විශේෂ ඇගයීමකට ලක් කළ යුතුයි.මීට පෙර අවස්ථා වලදී මේ පුද්ගලයා සතුව ගිනි අවි ආයුධ තිබී ඇත්තේ නම්,මෙවර සමාවක් නොදී,මේ ආයුධ රැස්කිරීමේ සුළමුල සොයාගත යුතුයි.