(සුමිත් පොතුපිටිය)
බේරුවල ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රී සමිත කවිරත්න මහතාගේ බිරිද පිහිපහරවල් කිහිපයකට ලක්ව අද (07) රෝහල් ගතකර ඇතැයි බේරුවල පොලිසිය පවසයි.
බේරුවල හෙට්ට්මුල්ල ප්‍රදේශයේ ඇය විසින් පවත්වාගෙන යන කිරි අලෙවි සැලක් තුලදී පහරකැමට ලක්ව ඇතැයි පොලිසිය කීය.
සිද්දිය සැලවූ සැනින් ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම සැකකරු අත්අඩංගුවට ගෙන පහරදීමට යොදාගත් අගල් පහක් පමණ දිගැති ලේ තැවරුන පිහිය පොලිස් භාරයට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල හෙට්ට්මුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය කීය.
පහරදීමට හේතුව සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරමින් බව පොලිසිය සදහන් කරයි.
පහරකැමට ලක්වූ මන්ත්‍රී බිරිය කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කර හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර ඇතැයි රෝහල් ප්‍රකාශකයකු පැවසීය .
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
ජේෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස , සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පත්මකුමාර මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් ක්‍රිෂාන්ත ඇතුළු නිළධාරීන් වැටලීම සිදුකර ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බේරුවල ප්‍රා.සභා හිටපු මන්ත්‍රීගේ බිරිදට පිහියකින් ඇනලා
Upamalika Friday, 07 April 2023 10:12 PM
දැන් කවුද, කාටද පිහියෙන් ඇන්නේ...?